බතලයාය වකුගඩු රෝග පර්යේෂණ හා නිවාරණ ආයුර්වේද රෝහල පළාතේ රෝගි ජනතාවට අතිවිශාල ගුණාත්මක මෙහෙවරක් සිදු කරමින් ජනාදරයට පාත්‍රවෙමින් තිබෙන වටිනා රෝහලක් බව ප්‍රදේශවාසීහු පවසති.
වෙදකමට වඩා හෙදකමට මූලිකත්වයක් දෙමින් ප්‍රියමනාප ප්‍රජා සත්කාරක සේවාවක් සලසමින් රෝහල් පරිසරයද ඉතා ප්‍රියමනාප අන්දමින් හා පිරිසිදුව තබාගෙන රෝගියා ප්‍රතිකාර ගැනීම සඳහා බාහිර අංශයට ඇතුළුවීමේ ආරම්භයේම සිටම රෝගියා සුවපත් කිරීමේ අවසානය දක්වාම එම රෝගියා ගැන සොයා බලමින් කටයුතු කරනවා නම් එම රෝහල ප්‍රශංසනීයම වේ. අගය කළ යුතුම වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක දහසකට අධික ගම්මානවල සහ මහවැලි සී කලාපයෙන් වකුගඩු රෝගීන් බහුල ලෙස වාර්තාවීමත් සමඟම මෙම රෝගියාට ප්‍රතිකාර කිරීම හා එම රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ සහ ප්‍රතිකාර කිරීම සඳහා ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් 2022 ජූනි මස 06 වන දින බතලයාය ප්‍රදේශයේ මෙම ආයුර්වේද රෝහල ජනතා අයිතියට පත්කරන ලදි.
රෝහලෙන් ලැබෙන සේවාවන් අතරින් මූලිකත්වයක් ලැබෙනුයේ වකුගඩු රෝගීන් සඳහාය. මීට අමතරව පක්ෂගාත සහ කැඩුම් බිඳුම් නාරිවේද, ළමා හා කාන්තා, චර්ම රෝග, ස්නායු රෝග, රූපලාවණ්‍ය රෝග ඇතුළු විවිධ රෝග සඳහා රෝහලේ දින හතේම සායනයන්ද පැවැත්වේ. මෙම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට හදිසි ප්‍රතිකාර ඒකකයක්, පංචකර්ම සහ චීනකටු ප්‍රතිකාර ඒකකයක් පවත්වාගෙන යන අතර එහිදි විවිධ ප්‍රතිකාර ක්‍රමයන් භාවිත වේ. මෙම රෝග සඳහා රෝහලේ දින හතේම සායනයන්ද පැවැත්වෙන අතර ඒ සඳහා දිනපතා රෝගින් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බව සඳහන් වේ. නේවාසික පිරිමි වාට්ටුවේ 25ක් සහ කාන්තා වාට්ටුවේ 25ක් වශයෙන් නේවාසිකව රෝගීහු පනස්දෙනෙක් දෛනිකව ප්‍රතිකාර ගනු ලබති. මෙම රෝගින් සඳහාද විශේෂ සායන පැවැත්වෙන අතර ප්‍රතිකාර කිරීමට හදිසි ප්‍රතිකාර ඒකකයක්, පංචකර්ම සහ චීනකටු ප්‍රතිකාර ඒකකයක් පවත්වාගෙන යන අතර එහිදි විවිධ ප්‍රතිකාර ක්‍රමයන් භාවිත වේ.
රෝහලේ රෝගී සත්කාර සඳහා බොහොමයක් ඔසු නිසි ප්‍රමිතීන්ට අනුකූලව රෝහල තුළදීම සකස් කරනු ලැබීම ද එය රෝහල් කාර්ය මණ්ඩලයේ ඔසු සැකසුම් අංශය විසින්ම නිෂ්පාදනය කිරීම ද විශේෂත්වයකි.
රෝහල් කමිටුවේ උප සභාපති එස්. ජේ. එම්. ජයතිස්ස මහතා – “මෙම රෝහල දැනට සිටින කාර්යභාර වෛද්‍ය නිලධාරිතුමිය ඇතුළු කණ්ඩායමේ කැපවීම හා ලැබෙන ගුණාත්මක ප්‍රතිකාර මත ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. තවමත් අදියරෙන් අදියර සංවර්ධන වන රෝහලක් වන මෙය ඇතැම් රෝගීන්ට අඩුපාඩු දැනෙන්නට පුළුවන්. එබැවින් අප තවදුරටත් සංවර්ධන පියවර සඳහා නොමඳව සහාය ලබා දීමට කැමැත්තෙන් සිටිනවා. මේ වන විට රෝහලට අවශ්‍ය ජල සැපයුම ලබා ගැනීම සඳහා නළ ළිං ව්‍යාපෘතිය සහ අපජල බැහැර කිරීම සඳහා අවශ්‍ය අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගනිමින් සිටිනවා.