දෛනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී පන්ති කාමරවල අඩු සාධන මට්ටම් පෙන්නුම් කළ සිසුන්ගේ සාධන මට්ටම් ඉහළ නැංවීමේ අරමුණින් මාතර රාහුල විද්‍යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන උපකාරක වැඩසටහනට සහභාගි වූ සිසුන්ගෙන් 98.33% ක් පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්ව ඇත.
අඩු සාධන මට්ටම් ඇති සිසුන් හැටදෙනකු සඳහා පවත්වන ලද මෙම අධ්‍යාපන උපකාරක වැඩසටහන සඳහා දිනපතා සහභාගි වූ සිසුන් අතරින් 19 දෙනකු ඉහළ මට්ටමින් විභාගය සමත් වීම විශේෂ අවස්ථාවකි.
සිංහල, ඉංග්‍රීසි, බුද්ධ ධර්මය, විද්‍යාව, ගණිතය හා ඉතිහාසය යන ප්‍රධාන විෂයන් හය සඳහා පාසලේම ගුරුභවතුන් යොදාගෙන රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කළ මෙම
අධ්‍යාපන උපකාරක වැඩසටහනේදී ඒ සඳහා සහභාගි වන සියලුදෙනා සඳහා ආහාරපාන ඇතුළු පහසුකම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ලබා දීම සිදු කර ඇත.
විදුහල්පතිනී සමිත කුරුකුලසූරිය මහත්මිය සිසු දරුවන්ගේ නිවෙස්වලට ගොස් මවුපියන් හා දරුවන් සමඟ කතා කොට ඔවුන් උනන්දු කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
වැඩසටහන විදුහල්පතිනියගේ ඍජු අධීක්ෂණය යටතේ සහකාර විදුහල්පති මංජුල රණසිංහ, 11 ශ්‍රේණි අංශ ප්‍රධාන බන්දුල හෙට්ටිආරච්චි මහත්වරුන්ගේ මෙහෙයවීම මත පැවැත්විණි.
ඒ සඳහා ධර්මාචාර්ය බැරගම ඥානානන්ද හිමි, රුවන් වන්නිආරච්චි, නුවන් රසික, එස්. ඩබ්ලිව්. කපිල, පසන් රංගජීව, ඔසාකා විජේසිංහ, ලොකුගමගේ ඉන්ද්‍රසිරි, අනෝකා අබේසිංහ, රේණුකා ගාල්ලගේ හා අසේල නානායක්කාර යන ගුරුභවතුන් ඉහළ කැප කිරීමක් සිදුකර ඇත.