මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු වෙනුවෙන් පෝස්ටර් අලවමින් සිටි මුලතිව් ඔට්ටිසුඩාන් ප්රදේශයේ පුද්ගලයකු වන අලින්ට ඇටවූ විදුලි උගුලක ගැටී විදුලිසර වැදී පසුගියදා (24) මියගොස් තිබේ.
මේ අනතුරට මුහුණ පා ඇත්තේ මුලතිව් විනයාගපුරම් ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි කසලිංගම් තංගදීපන් නමැති තැනැත්තකු බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය සඳහන් කරයි. මුලතිව් දිස්ත්රික්කයෙන් තරගවදින දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකුට සහයෝගය දැක්වීම සඳහා ඔඩ්ඩුසුඩාන්හි මුට්ටියන්කට්ටු ප්රදේශයේ පෝස්ටර් අලවමින් සිටියදී ඔහු මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති අතර, මොහුට මරු කැඳවූ විදුලි රැහැන ඇදීම සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ