Home » තක්කාලි වවන මුවාවෙන් ගංජා වැවූ අයෙක් මාට්ටු

තක්කාලි වවන මුවාවෙන් ගංජා වැවූ අයෙක් මාට්ටු

by sachintha
October 28, 2024 1:27 am 0 comment

තක්කාලි වගා කරන මුවාවෙන් සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේ ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවකු සූරියවැව පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, 14 කණුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සැකකරු කලක සිට මහා පරිමාණයෙන් තක්කාලි වගා කරන අයෙකි. සිය තක්කාලි වගා කළ ඉඩමේ අක්කරයක පමණ කොටසක රහසිගතව ගංජා වගා කර ඇති බවට සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබේ. වැටලීම සිදු කරන විටත් සැකකරු ගංජා වගාවේ කටයුතුවල නිරත වෙමින් සිට ඇත. තක්කාලි වගාවෙන් සිදු වූ පාඩුව මකා ගැනීමට සැකකරු ඉඩමේ ගංජා වගා කළ බව මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

අඩි පහක් පමණ උස ගංජා වගාව පොලිස් නිලධාරීන් විසින් ගලවා ගිනි තබා විනාශ කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි, පොලිස් සැරයන්වරුන් වන (37337) පුෂ්පකුමාර, (42749) නිහාල්, පොලිස් කොස්තාපල් (90539) පවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT