මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් 12ක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ ( 27) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානයෙන් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර ඇත. එහිදී මේ ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයන් 12 දෙනා මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මේ මෙහෙයුමත් සමඟ මේ වර්ෂයේ මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 62ක් සහ ඉන්දීය ධීවරයන් 462ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
රක්ෂණ ශ්‍රියන්ත