Home » විපක්ෂය නොබෙදුණා නම් ජනාධිපතිවරණය ජය ගන්නේ සමගි ජන බලවේගය

විපක්ෂය නොබෙදුණා නම් ජනාධිපතිවරණය ජය ගන්නේ සමගි ජන බලවේගය

-මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක, නීතිඥ චම්පික විජේරත්න

by sachintha
October 28, 2024 1:37 am 0 comment

“පසුගිය රජය වෙන්කළ මුදල් ප්‍රතිපාදන මතයි වර්තමාන රජය තවමත් ඉදිරියට යන්නේ” යනුවෙන් මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක, නීතිඥ චම්පික විජේරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂය නොබෙදී කටයුතු කළේ නම් මෙවර ජය ගන්නේ ජාතික සමගි ජන බලවේගයයි. එය දැන් කාටත් හොඳ හැටි පැහැදිලියි. ඒක රජය වුණත් අවබෝධ කරගෙන ඇති දෙයක්. එයට ප්‍රධාන හේතුව රට ගොඩනැඟීමේ ශක්තියක් ඇත්තේ විපක්ෂ කණ්ඩායමට පමණක් වීමයි. මේ වනවිට ජනතාව සමගි ජන බලවේගය වටා එක්රොක් වෙමින් සිටිනවා. කෙසේ වුණත් ප්‍රමාදවී හෝ ජනතාව යථාර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා.

ජනාධිපතිවරණයේදී රටේ බහුතර කැමැත්ත රජයට හිමිවී නෑ. රජයත් ඒ තත්ත්වය පිළිගන්නවා. මහමැතිවරණයේදී රාජ්‍ය බලය ගැනීමට රජය විසින් විවිධ උප්පරවැට්ටි යොදන්නේ ඒ නිසයි. එදා මොවුන් විපක්ෂයේ සිටින විට කෑමොරදුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ගැනීම රට උකසට තැබීමක් වැනි ක්‍රියාවක් බව. නමුත් අද සිදු වන්නේ කුමක්ද? මේ රජයත් ණය ඉල්ලා යනවා. බලය අල්ලාගැනීමට ජනතාවට බොරු කියා රැවැට්ටුවත් තවදුරටත් ඔවුන්ට එය කළ නොහැකියි. මේ වනවිට වර්තමාන රජයට යථාර්ථය අවබෝධ වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර ආධාර නොමැතිව මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න බෑ.එනිසා මෙවර මහමැතිවරණයේදී ජනතාව විසින් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කළ යුතුයි.”

මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ. ඒ. එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT