සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ Òදැයක වරුණ 2024 – සොරණාතොට ප්‍රාදේශීය සාහිත්‍ය උලෙළÓ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනි හෙන්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම උලෙළේදි ප්‍රධාන අංගයක් ලෙස ‘ශ්‍රී ලාංකීය ජන වර්ගයන්ට අයත් සංස්කෘතික අනන්‍යතාවන්’ යන මැයෙන් සාහිත්‍යමය සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනි හෙන්නායක, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ කේ. රත්නකුමාර්, බදුල්ල දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා නිලධාරී කේ.එම්. මුෂරම් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් හා බැඳුණු ආගමික හා සංස්කෘතික උත්සවල විශේෂත්වයන් සහ එකිනෙක සංස්කෘතීන්වලට ගරු කරමින් ජාතීන් අතර සමඟිය ගොඩනැඟීමත් සංස්කෘතිය ගොඩනැඟීම සඳහා පාදක වූ හර පද්ධතීන්ගෙන් පිළිබඳවත් මෙහිදී වඩාත් දීර්ඝව සාකච්ඡා කෙරිණි.
සොරණාතොට ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා තෑගි හා සහතිකපත් ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනි හෙන්නායක මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත සොරණාතොට සංස්කෘතික නිලධාරි ප්රභාවී රංගනා මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම කාර්යාලයීය නිලධාරින්, කොට්ඨාසයේ පාසල් ගුරුභවතුන් හා පාසල් දරුවන් දෙසීයක පමණ පිරිසක්ද සහභාගි වූහ.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න