Saturday, May 10, 2025
Home » ඔබ ඩිජිටල් වංචාවන් වැළැක්වීමට Visa වෙතින් පියවර

ඔබ ඩිජිටල් වංචාවන් වැළැක්වීමට Visa වෙතින් පියවර

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ලෝකයේ ඩිජිටල් ගනුදෙනු වැඩිවීමත් සමඟ පුද්ගලයින්ව මූල්‍ය වංචාවලට හසු කරගැනීමට වංචාකාරී පාර්ශ්වයන් සක්‍රියව ක්‍රියා කරයි. දිනෙන් දින වැඩිවෙමින් පවතින ඩිජිටල් ගෙවීම් සම්බන්ධ වංචාවන්ට වඩාත් සුපරීක්ෂාකාරි පරිශීලකයින් පවා හසුවිය හැකිය. මෙවන් වංචාවකට හසුවුණහොත් එයින් මිදීමට ඔබ කළ යුත්තේ මොනවාද? Visa ආයතනය ඉදිරිපත් කරන ක්‍රියාමාර්ග 5ක් මඟින් ඔබට වංචාවෙන් මිදීමටත් එයින් ඇතිවිය හැකි අවදානම අවම කරගැනීමටත් පහසු වේ.

 

  1. බලයලත් පාරිභෝගික සේවා අංක පමණක් අමතන්න: ඔබේ බැංකුවේ හෝ ගෙවීම් සැපයුම්කරුවාගේ නිල සන්නිවේදනයේ දක්වා ඇති පාරිභෝගික සේවා අංකයට පමණක් ඇමතුමක් ලබා දෙන්න. නිල වශයෙන් සඳහන් කර ඇති සම්බන්ධතා මත පමණක් විශ්වාසය තබා ඔබගේ ගිණුම අත්හිටුවන්න හෝ ඔබගේ කාඩ්පත/ගෙවීම් ක්‍රමය අවහිර කරන්න. මෙම ක්‍රියාමාර්ගයෙන් තවදුරටත් වංචාකාරි ක්‍රියා නතර කිරීමට සහ ආපසු ගෙවීම් හෝ වන්දි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ.

 

  1. ප්‍රමාද නොවී වාර්තා කරන්න: එය වහාම බැංකුවට වාර්තා කර පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ දුරකතන අංක 0112381045 හෝ පොලිස් මූලස්ථානයට (+94 12421111) දන්වන්න. ඔබේ ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර එහි පිටපතක් ළඟ තබා ගන්න.

 

  1. සෑම විස්තරයක්ම ලේඛනගත කරන්න: වංචාවකට හසුවීමේදී ඇතිවන අවුල් වියවුල් තත්ත්වය සහ කලබලවීම නිසා තීරණාත්මක තොරතුරු නොසලකා හැරීම සාමාන්‍යය දෙයකි. ඔබ වංචාවකට හසුවූවා යැයි සැක කරන මොහොතේ සිට විස්තර මතක තබා ගැනීමට සහ සියල්ල ලේඛනගත කිරීමට උත්සාහ කරන්න, සංවාද පටිගත කරන්න, තිරපිටපත් ගන්න, ඕනෑම පණිවිඩයක් පිටපත් කරගන්න. ඔබ වංචාකාර පාර්ශ්වයන් සමඟ බෙදාගෙන ඇති ගනුදෙනු හැඳුනුම්පත්, දිනයන්, මුදල් ප්‍රමාණයන් ආදිය ද තොරතුරුගත කර ගන්න. වංචාව වාර්තා කිරීමේදී සහ විසඳීමේදී මෙම තොරතුරු ඉතාමත් වැදගත් වනු ඇත.

 

  1. ඔබගේ ආරක්ෂාව ශක්තිමත් කරගන්න: දුර්වල මුරපද ශක්තිමත් සහ අනන්‍ය ඒවා බවට යාවත්කාලීන කරගන්න. ද්විසාධක සත්‍යාපනය (two step authentication) සක්‍රිය කරගන්න. ඔබේ උපාංගය/ නිතිපතා ස්කෑන් කරන ප්‍රබල ප්‍රති-අනිෂ්ට මෘදුකාංග (anti malware) ස්ථාපනය කිරීමෙන් ඔබේ ආරක්‍ෂාව ශක්තිමත් කරගන්න. ඔබ එය ක්‍රියාත්මක කළ පසු, RBI විසින් මාර්ගගත ගනුදෙනු සඳහා අනිවාර්ය කර ඇති ටෝකනීකරණය වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සහිත ගෙවීම් විකල්ප තෝරන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT