Saturday, May 3, 2025
Home » දේශ­පා­ලන සංස්කෘ­තියේ ප්‍රව­ණතා

දේශ­පා­ලන සංස්කෘ­තියේ ප්‍රව­ණතා

by Gayan Abeykoon
October 29, 2024 1:05 am 0 comment

ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක

1930 ගණන් වන­විට ජන­තා­වගේ දේශ­පා­ලන උන­න්දුව පැති­කඩ දෙකක් ඔස්සේ වර්ධ­නය වනු දක්නට ලැබිණි. එක් පැති­ක­ඩක් වන්නේ අධි­රා­ජ්‍ය­වා­ද­යෙන් මිදී නිද­හස් රාජ්‍ය­යක් බවට පත්වී­මය. අනෙක් පැති­කඩ වන්නේ පුර­වැ­සි­යාගේ ඡන්ද බලය තහ­වුරු කර­මින් තම අභි­ම­ත­යට ගැළ­පෙන ආකා­රයේ ආණ්ඩු පත්කර ගැනී­මය. නැත­හොත් මහ­ජන නියෝ­ජි­ත­යන් පත්කර ගැනී­මය. මීට සමාන ලෙසින් අස­ල්වැසි රාජ්‍ය­ව­ලද දේශ­පා­ලන වෙන­ස්කම් ඇති­වෙ­මින් තිබිණි. මන්ත්‍රණ සභාව සඳහා 1936 දී පැවැත් වූ මැති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය කළ­හොත් විශේ­ෂතා හත­රක් හඳු­නා­ගත හැකිය.

I මහ­ජන නියෝ­ජි­ත­යන් පත්කර ගැනීමේ තර­ගය උණු­සු­ම්වීම

II ඡන්දය සඳහා මහ­ජ­න­යාගේ උන­න්දුව උප­රිම මට්ට­ම­කට පැමි­ණීම

III පළමු වරට දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් කාන්තා පාර්ශ්වයේ ප්‍රති­චා­රය ඉහළ තැනක පැව­තීම

IV මැති­ව­ර­ණය මූලික කොට ප්‍රච­ණ්ඩ­කාරි තත්ත්ව­යක් මතු­වීම

මහ­ජ­න­යාට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තිය ලැබීම, ජනතා ජය­ග්‍ර­හ­ණ­යක් සේ සැල­කිය හැකිය. ජනතා අභි­ම­තය පරිදි ඔවු­නට ගැළ­පෙන හා ඔරොත්තු දෙන

මැලේ­රියා උණ වසං­ග­තය

මැලේ­රියා උණ වසං­ග­තය

රාජ්‍ය පාල­න­යක් බිහි­කර ගැනීමේ අයි­තිය හා අව­ස්ථාව ලබා ගැනීම ජය­ග්‍ර­හ­ණ­යකි. ඒ සඳහා ලෝක ප්‍රජා­වගේ පෙළ ගැස්මක් හා සංවි­ධා­න­ගත වීමක් පැවැති බව ඉති­හා­සය හදා­රන විට පැහැ­දිලි වෙයි. එංග­ල­න්තයේ එදා පැවැති නාය­ක­ත්වයේ අද­හ­සට අනුව ශ්‍රී ලංකා­වට එම අව­ස්ථාව කලින්ම උදා­විය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, ඡන්ද අයි­තිය හා පාර්ලි­මේන්තු ක්‍රමය ගැන ශාස්ත්‍ර­ඥ­යන් දක්වන අද­හ­ස්ව­ලට අනුව ආසි­යාවේ පැරැ­ණිම පාර්ලි­මේන්තු ක්‍රමය ඇත්තේ ඉන්දි­යා­වට හා ශ්‍රී ලංකා­ව­ටය. එයින් ද වඩාත් පැරණි පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය ශ්‍රී ලංකා­වට අයත්ය.

ශ්‍රී ලංකාවේ පොදු ජනයා අතර ඡන්ද උන­න්දුව මතු වූයේ 1931 ඡන්ද අයි­තිය ලැබී­මත් සම­ඟය. 31 මැති­ව­ර­ණ­යෙන් පසු ඡන්ද අයි­තිය හා මහ­ජන නියෝ­ජි­ත­යන් පත් කිරීම පිළි­බඳ තර­ග­යක් සමා­ජය තුළ වර්ධ­නය විය. එදා පුව­ත්පත් වාර්තා­ව­ලට අනුව 1936 වන­විට එය උප­රිම මට්ට­ම­කට නැඟ තිබිණි. තම නියෝ­ජි­ත­යන් සඳහා උත්සව පැවැ­ත්වී­ම­ටද පෙර­හර පැවැ­ත්වී­මට ද ජන­තාව ඉදි­රි­පත් වූහ. ඇතැම් ස්ථාන­වල තර­ගය කෙළ­වර වී ඇත්තේ කල­බ­ල­ව­ලින්ය. ගැටු­ම්ව­ලින්ය. ඒවා කොත­රම් උත්සන්න තත්ත්ව­ය­කට පත්ව තිබුණේ ද යත් වෙඩි තැබීම්, සිය­දිවි නසා­ගැ­නීම්, ඝාතන පළ­මු­ව­රට වාර්තා විය. මැති­ව­ර­ණය අත­ර­තුර වාර්තා වූ බර­ප­ත­ළම සිද්ධිය මාතලේ දී සිදු විය. මාතලේ ජය­ග්‍රාහී අපේ­ක්ෂ­ක­යකු වූ අළු­වි­හාරේ මහතා විරු­ද්ධ­වා­දි­ය­කුගේ වෙඩි ප්‍රහා­ර­යට ලක්වී රෝහ­ල්ගත කළ අතර ඔහුගේ වය­ස්ගත පියා කම්ප­න­යෙන් මිය ගියේය. සිද්ධිය හේතු­කො­ට­ගෙන අට­දෙ­නෙකු මිය­ගිය බව පසුව වාර්තා වී තිබිණි. තුවාල ලැබූ පිරිස පහ­ළො­වත් විස්සත් අතර වූහ. එතෙක් මැති­ව­ර­ණ­ය­කදී සිදුවූ බර­ප­ත­ළම ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස එය වාර්තා­ගත විය.

සීදුවේ ඇති වූ කල­බ­ල­ය­කදී කෙනෙ­කුගේ හිසට කඩු පහර දී තිබිණි. ඔහු රෝහ­ලේදී මිය ගියේය. තවත් පුද්ග­ල­යෙක් කොම්ප­ඤ්ඤ­වී­දි­යේදී දිවි නසා ගත්තේය. ඒ ඡන්ද සිද්ධි­යක් මුල්කර ගනි­මින්ය. කොළඹ අව­ටින් ප්‍රචණ්ඩ ක්‍රියා ගණ­නා­වක් වාර්තා විය. කල­බ­ල­ව­ලදී ස්ත්‍රී පාර්ශ්වය ද ඒවාට සජීවි ලෙස සම්බන්ධ වීම මෙරට දේශ­පා­ල­නයේ නව ප්‍රව­ණ­තා­වක් ලෙස දැක්විය හැකිය.

පුව­ත්පත් වාර්තා­ව­ලට අනුව අර­ගල කෝලා­හල ආදි­යට ප්‍රධාන හේතුව අපේ­ක්ෂ­ක­යන්ගේ සහ­යෝ­ග­යට පැමිණ සිටි ආධා­ර­ක­රු­වන්ගේ උත්ස­ව­යන්ය. ආධා­ර­ක­රුවෝ මත්පැන් පානය කර­මින් සර්පිනා තබ්ලා වාද­නය කර­මින් අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හණ සම­ර­න්නට ඉදි­රි­පත් වූහ. මේ වෙනු­වෙන් ව්‍යාපා­රි­ක­යන් මුදල් වැය­කර තිබේ. එය දේශ­පා­ල­න­යට එකතු වූ තවත් අලුත් ප්‍රව­ණ­තා­වකි.

1930 ගණ­න්ව­ලින් පසුව අපේ දේශ­පා­ලන සංස්කෘ­තිය සංකීර්ණ වූ බවක් දැක ගත හැකිය. එහි යහ­පත් මෙන්ම අය­හ­පත් ප්‍රති­ඵල ද දක්නට ලැබිණි. ප්‍රති­වාදී අපේ­ක්ෂ­ක­යන් අතට අත දී ජය පැර­දුම විඳ­ගත් අතර ආධා­ර­ක­රුවෝ කල­බල කර­න්නට පටන් ගත්හ. කොළඹ එහිලා ප්‍රධාන විය. කොළඹ ශාන්ත බස්ති­යමේ ගැටුම් ගණ­නා­වක් සිදුවූ බවට වාර්තා තිබේ.

මේ වක­වා­නුව තුළ සිදුවූ තවත් දේශ­පා­ලන වෙන­ස්ක­මක් වූයේ හිටපු මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ ඥාතීන් ඡන්ද­යට ඉදි­රි­පත් වීමය. මෙහි කැපී පෙනෙන සිද්ධි­යක් ලෙස දැදි­ගම ආස­න­යෙන් ඩඩ්ලි සේනා­නා­යක මහතා තේරී­ප­ත්වීම පෙන්වා දිය හැකිය. කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රයා වූ ඩී.එස්. සේනා­නා­යක මහ­තාගේ පුත්‍රයා පළ­මු­ව­රට දැදි­ග­මින් ඡන්ද­යට ඉදි­රි­පත් වූ අතර ඔහු වැඩි ඡන්ද­යෙන් තේරී­ප­ත්විය. පියකු හා පුතකු රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝ­ජ­නය කළ පළමු අව­ස්ථාව ද එය විය.

1936 මාර්තු මාසය වන විට මන්ත්‍රණ සභාවේ අභි­නව අමාත්‍ය මණ්ඩ­ලය පත්කොට සභාවේ වැඩ කට­යුතු ආරම්භ කළ අතර ඔවුන් හමුවේ අභි­යෝග රැසක් පැව­තිණි. රටේ වී අස්වැන්න වැඩි කිරීම, මැලේ­රියා උණ වසං­ග­තය මර්ද­නය කිරීම හා නිද­හස පිළි­බඳ සාකච්ඡා කිරී­මත් ඒ අතර ප්‍රධාන විය.

 

රන්ජන් අම­ර­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT