වීසා නැතිව වසර එකහමාරකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටි රුසියානු ජාතික යුවළක් සහ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනා මහනුවර සංචාරක පොලිස් ඒකකය මඟින් පසුගියදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.මේ රුසියානු ජාතික යුවළ හන්තාන ප්‍රදේශයේ නවාතැන්පොළක් කුලියට ගෙන මේ තරම් කාලයක් මහනුවර රැඳී සිට ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
රුසියානු ජාතික යුවළගේ අවුරුදු හත සහ හතර වයසේ පසුවන දියණියන් දෙදෙනා හන්තාන ප්‍රදේශයේ පෙර පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය ලබා දී ඇති බවත් ඔවුන්ට රුසියානු බසට අමතරව සිංහල හා දෙමළ භාෂාව ද කතා කළ හැකි බව පොලිසිය පවසයි.
රුසියානු යුවළ සමඟ දරුවන් වීසා නැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහනුවර සංචාරක පොලිසිය පවසයි.