Home » ගල්කිස්ස දක්ෂි­ණා­රාම නාලන්දා පිරි­වෙනේ කඨින පූජෝ­ත්ස­වය අද සිට

ගල්කිස්ස දක්ෂි­ණා­රාම නාලන්දා පිරි­වෙනේ කඨින පූජෝ­ත්ස­වය අද සිට

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ගල්කිස්ස දක්ෂි­ණා­රාම නාලන්දා පිරි­වෙන් විහා­ර­ස්ථා­නයේ කඨින පින්කම කොළඹ පළාතේ ප්‍රධාන සංඝ­නා­යක විහා­රා­ධි­පති අතු­ර­ලියේ ආනන්ද නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි අද (29) සිට නොවැ­ම්බර් 02 වැනිදා දක්වා විහා­රස්ථ පරි­ශ්‍ර­යේදී පැවැත්වේ.

අද (29) සිට 02 වැනිදා දක්වා දින­පතා සවස 6.30ට අට­විසි බුද්ධ පූජාව හා බෝධි පූජාව ද අද (29) සිට 31 වැනි දින දක්වා රාත්‍රී 7ට කථි­කා­චාර්ය බෝපැත්තේ සෝමා­නන්ද, මිද්දෙ­ණියේ සුමං­ගල, අම­ර­පුර මහා නිකායේ වැඩ­බ­ලන මහ­නා­යක දොඩ­න්දූවේ සිරි­කර යන හිමි­වරු විසින් දම් දෙසුම් පව­ත්වති.

නොවැ­ම්බර් 01 වැනි දින රාත්‍රී 8.30ට සර්ව­රා­ත්‍රික මහ පිරිත් දේශ­නය ද කඨින චීව­රය රැගත් පෙර­හර ගල්කිස්ස මෙනෙ­රි­ගම පෙදෙසේ නො. 13/B නිවසේ වස් ආරා­ධනා කළ සැදැ­හැ­වත් වසන්ත ගාමිණී මහ­තාගේ නි‍ෙව­සින් අලු­යම 4ට පිටත්වී විහා­ර­ස්ථා­න­යට පැමි­ණීම හා පෙ. ව. 6.30ට කප්රුක් පූජාව හා කඨින චීව­රය සඟ­සතු කොට පූජා කෙරේ. පෙ. ව. 7.15ට මහ සඟ­රු­වන විෂ­යෙහි අට­පි­රි­කර සහිත දානය පිරි­නැ­මීම හා ප.ව. 7ට කඨි­නා­නි­ශංස විශේෂ දම් දෙසුම කීන­පැ­ලැස්සේ කස්සප හිමි­යන් විසින් පව­ත්වනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT