Home » ජාත්‍ය­න්තර මැණික් ප්‍රද­ර්ශ­න­යක් වන ‘ජෙම් ශ්‍රී ලංකා 2025’ දැනු­ම්වත් කිරී­මක් අද

ජාත්‍ය­න්තර මැණික් ප්‍රද­ර්ශ­න­යක් වන ‘ජෙම් ශ්‍රී ලංකා 2025’ දැනු­ම්වත් කිරී­මක් අද

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

මෙර­ටදී පැවැ­ත්වෙන ප්‍රමු­ඛ­තම ජාත්‍ය­න්තර මැණික් ප්‍රද­ර්ශ­න­යක් වන Òජෙම් ශ්‍රී ලංකා 2025Ó ගැන දැනු­ම්වත් කෙරෙන සමා­ර­ම්භක වැඩ­ස­ට­හන අද  (29) පස්වරු 4.00ට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරි­ශ්‍ර­යේදී පැවැත්වේ.

ජන­මාධ්‍ය, බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු, ජාතික ඒකා­බ­ද්ධතා සමාජ ආර­ක්ෂණ, ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, මහ­ජන ආර­ක්ෂක හා විදේශ කට­යුතු ඇමැති විජිත හේරත් මහතා මෙහි ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භා­ගි­වී­මට නිය­මි­තය. බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ්, ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ සභා­පති මහින්ද ලාල් ගුණ­ති­ලක, ශ්‍රී ලංකා අප­න­යන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ මහ­ත්ව­රුන් සමඟ ශ්‍රී ලංකාවේ සවුදි අරාබි, රුසි­යානු හා චීන තානා­ප­ති­වරු ද මේ  අව­ස්ථා­වට සහ­භාගි වෙති. චීන කොටුව මැණික් හා ස්වර්ණා­භ­රණ සංග­මය විසින් මෙව­රත් මෙම ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කරන අතර එම සංග­මයේ සභා­පති හිල්මි කාසිම්, උප සභා­පති රිස්වාන් නයීම් හා ලේකම් අශ්කර් අලි මුමා­රක් ඇතුළු එහි නිල­ධා­රීහු ද මෙම සමා­ර­ම්භක දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හන සඳහා සහ­භාගි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT