මෙරටදී පැවැත්වෙන ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් වන Òජෙම් ශ්‍රී ලංකා 2025Ó ගැන දැනුම්වත් කෙරෙන සමාරම්භක වැඩසටහන අද (29) පස්වරු 4.00ට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනමාධ්‍ය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක හා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහින්ද ලාල් ගුණතිලක, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහත්වරුන් සමඟ ශ්‍රී ලංකාවේ සවුදි අරාබි, රුසියානු හා චීන තානාපතිවරු ද මේ අවස්ථාවට සහභාගි වෙති. චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් මෙවරත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන අතර එම සංගමයේ සභාපති හිල්මි කාසිම්, උප සභාපති රිස්වාන් නයීම් හා ලේකම් අශ්කර් අලි මුමාරක් ඇතුළු එහි නිලධාරීහු ද මෙම සමාරම්භක දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වෙති.