සෑම දිස්ත්‍රික්කයකින්ම මහමැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පක්ෂයෙන් ඉදිරිපත් වන කණ්ඩායම් මන්ත්‍රී ධුරයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ගන්නා බව එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ පෙරේදා (27) පැවති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, නුවර සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් ඉහළ මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ගත හැකියි. මාතර දිස්ත්‍රික්කයෙන් ද මන්ත්‍රී ධුර දෙකක් හෝ තුනක් ගන්නවා. එලෙස මන්ත්‍රීවරුන් තෝරාගැනීමේදී ද දූෂණයට, වංචාවට සහ භීෂණයට සම්බන්ධ නොවූ පිරිසක් තෝරා යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි.
සර්වජන බලවේගය දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් ඉදිරිපත් කර තිබෙනවා. එම කණ්ඩායම් අතර දේශපාලන අත්දැකීම් තිබෙන, දක්ෂ, උගත්, බුද්ධිමත්, විවිධ වෘත්තීන්වල නියැළෙන පිරිසක් ඉදිරිපත් කර තිබෙනවා. තරුණ තරුණියන් පවා ඉදිරිපත් කරන්න අපි කටයුතු කර තිබෙනවා.
මගේ දේශපාලන ගමනට අවුරුදු 27ක්. වසර 04ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ අවුරුදු හතර ඇතුළත ක්‍රියාකාරී නියෝජිතයෙක් ලෙස දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි, මුළු රටටම අදාළ ප්‍රශ්න කතා කර තිබෙනවා. එවකට නියෝජනය කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු විදියට එම ආණ්ඩුව වැරදි මාර්ගයේ යනවිට ඊට අභියෝග කරමින් විපක්ෂයට ගොස් සටන් කරන්න මට හොඳ කොන්දක් තිබුණා. සමහරු විවිධ වරදාන, දෙන්න වරප්‍රසාද දෙන්න කතා කළා. ඒත් ජනතාව දුන්න ඡන්දය පවා දෙන්න මම කටයුතු කළේ නෑ. එම නිසා මට ලොකු විශ්වාසයක් තිබෙනවා, ඒ වෙනුවෙන් ජනතාව මා වටා පෙළගැසෙයි කියලා.”