Home » ඩොලර් මිලි­යන ගණන් සමා­ග­ම්ව­ලට නිකන් දෙන්න රජ­යට අයි­ති­යක් නැහැ

ඩොලර් මිලි­යන ගණන් සමා­ග­ම්ව­ලට නිකන් දෙන්න රජ­යට අයි­ති­යක් නැහැ

ජන අර­ගල සන්ධා­නයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක පුබුදු ජාගොඩ

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

නුවන් කොඩි­කාර

පාස්පෝට් නිකුත් කිරීමේ බලය තමන්ට ඇති බවට එපික් ලංකා (Epic Lanka) සමා­ගම සිදු කරන ප්‍රකා­ශ­ව­ලට අනුව එම සමා­ගම සහ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ගිවි­සුම් අත්සන් කර ඇත්දැයි වහාම විම­ර්ශ­න­යක් කරන ලෙස ජන අර­ගල සන්ධා­නයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේ නුගේ­ගොඩ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“එපික් ලංකා සමා­ගම මීට පෙර ජාතික ඖෂධ නියා­මන සංස්ථාවේ සිදු වූ දත්ත වංචාව සම්බ­න්ධ­යෙන් චෝද­නා­වට ලක් වුණා. පසු­ගිය කාලයේ මෙරට පාස්පෝට් නිකුත් කිරීමේ ගැට­ලු­වක් මතු වුණා. ඒත් සමඟ චිප් එකක් සහිත වඩා වැඩි ආර­ක්ෂක විශේ­ෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීර­ණය කළා. ඒ අනුව ටෙන්ඩර් කැඳ­වී­මේදී සමා­ගම් හත­රක් ඉදි­රි­පත් වුණා. එයින් සමා­ගම් තුනක් තමයි සුදු­සු­කම් ලැබුවේ. ඒ අත­රින් අඩුම ප්‍රමා­ණය ඉදි­රි­පත් කර තිබූ ප්‍රංශයේ thales සමා­ග­මට සම්බන්ධ Just in Time සමා­ග­මට ටෙන්ඩ­රය දෙන්න තමයි තීර­ණය වුණේ. හැබැයි අවු­රුදු 21ක් පුරා මෙරට පාස්පෝට් නිකුත් කිරී­මට මැදි­හත් වුණ Epic Lanka සමා­ගම මේ ටෙන්ඩර් කැඳ­වීමේ ප්‍රශ්න­යක් තිය­නවා කියලා අධි­ක­ර­ණ­යට ගියා. ඒ කට­යුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා විශාල පාස්පෝට් පෝලි­මක් නිර්මා­ණය වුණේ. Epic Lanka සමා­ගම දිගින් දිග­ටම කියලා තිබුණෙ මෙරට පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නේ ඔවුන්ට. ඒ නිසා වෙනත් සමා­ග­ම­කට මේක දෙනවා නම් ඒ සඳහා ගෙවී­මක් අව­ශ්‍යයි කියලා. නමුත් ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ඒකට විරුද්ධ වුණා.

දැනට පාස්පෝට් ලක්ෂ හත­හ­මා­රක් නිකුත් කර­නවා Just in Time සමා­ගම. ඒ නිකුත් කරන සෑම පාස්පෝට් එක­ක­ටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තිය­නවා Epic Lanka සමා­ග­මට. එත­කොට මෙතැන ඩොලර් මිලි­ය­න­යක් විතර මුදල් ප්‍රමා­ණ­යක්. මේක අන­වශ්‍ය සහ විශාල මහ­ජන මුදල් විනා­ශ­යක්. ඩොලර් මිලි­ය­න­යක් මහ­ජන මුදල් නිකං සමා­ග­මට දෙන්න රජ­යට කිසිම අයි­ති­යක් නෑ. ඒ නිසා වහාම ඒ කට­යුත්ත නව­ත්තන්න මැදි­හත් වෙන්න.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT