රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබූ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අපේක්ෂක කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ පසුගියදා (25) පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙලෙස ද කියා සිටියේය.
“රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ට ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර අරන් යන්න ඇති. ජනාධිපතිවරණයෙන් පරාජය වී ගෙදරටවී විශ්‍රාම සුවයෙන් සිටීම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හාස්‍යයට කරුණක්.
අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ ගොස් ඇති බවත්, රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇති බවත් පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරනවා. එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් 14 වැනිදා රටේ බහුතර පිරිසක් පිළිතුරු දෙනවා.
නොවැම්බර් 14 වැනිදායින් පසු ජාතික ජන බලවේගය කැබිනට් ඇමැතිවරුන් 25 දෙනකුගෙන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 25 දෙනකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරීමෙන් පසු රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම් දෙනවා.”