ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු කණ්ඩායම සහයෝගය දුන් රනිල් වික්‍රමසිංහ මහතා නොසිතූ අයුරින් පරාජයට පත්වු බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නිලුපුල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (26) හාරිස්පත්තුවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවැසීය.
“අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය ජයග්‍රහණය කළා. ඒ මැතිවරණයෙන් සති හතරකට පසු මාලිමාවට ඡන්දය දුන් හාරිස්පත්තුව ආසනයේ තරුණ තරුණියන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
අපට ඒ මහතාගේ වැඩපිළිවෙළ ගැන මාස දෙකකින් කියන්න බෑ. ඒ ගැන අපට විවේචනය කරන්න හැකියාවකුත් නෑ. අඩුම තරමින් මාස හයක්, අවුරුද්දක් ඒ මහතාට මේක කරගෙන යන්න අවස්ථාව දෙන්න ඕනෙ.
මම හාරිස්පත්තුවෙන් තරග කරද්දී අකුරණ මුස්ලිම් හිතවතුන් ඉන්නවා. පක්ෂ තුනෙන් මුස්ලිම් අය ඉදිරිපත් කර තියෙනවා. මම ජාතිවාදය ගැන කතා කරනවා නෙමෙයි. නමුත් මේ අයටත් නායකයෙක් අවශ්‍යයි. මම තරුණ නායකයෙක් විදියට තමයි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ. මේ මැතිවරණයේදී ඔබ සැම හොඳ තීන්දුවක් ගන්නා බව මම දන්නවා.”