Home » මාලි­මා­වට ඡන්දය දුන් හාරි­ස්ප­ත්තුවේ තරුණ පිරිස අප වටා එක් වෙලා

මාලි­මා­වට ඡන්දය දුන් හාරි­ස්ප­ත්තුවේ තරුණ පිරිස අප වටා එක් වෙලා

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක නිලු­පුල් රාජ­පක්ෂ

by Gayan Abeykoon
October 29, 2024 1:07 am 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්. ජී. විජේ­රත්න

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තමන් ඇතුළු කණ්ඩා­යම සහ­යෝ­ගය දුන් රනිල් වික්‍ර­ම­සිංහ මහතා නොසිතූ අයු­රින් පරා­ජ­යට පත්වු බව නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂක නිලු­පුල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.  ඒ මහතා මේ බව කියා සිටියේ පසු­ගි­යදා (26) හාරි­ස්ප­ත්තුවේ පැවැති ජන හමු­ව­කට සහ­භාගි වෙමිනි.  එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවැ­සීය.

“අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළා. ඒ මැති­ව­ර­ණ­යෙන් සති හත­ර­කට පසු මාලි­මා­වට ඡන්දය දුන් හාරි­ස්ප­ත්තුව ආස­නයේ තරුණ තරු­ණි­යන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

අපට ඒ මහ­තාගේ වැඩ­පි­ළි­වෙළ ගැන මාස දෙක­කින් කියන්න බෑ. ඒ ගැන අපට විවේ­ච­නය කරන්න හැකි­යා­ව­කුත් නෑ. අඩුම තර­මින් මාස හයක්, අවු­රු­ද්දක් ඒ මහ­තාට මේක කර­ගෙන යන්න අව­ස්ථාව දෙන්න ඕනෙ.

මම හාරි­ස්ප­ත්තු­වෙන් තරග කරද්දී අකු­රණ මුස්ලිම් හිත­ව­තුන් ඉන්නවා. පක්ෂ තුනෙන් මුස්ලිම් අය ඉදි­රි­පත් කර තියෙ­නවා. මම ජාති­වා­දය ගැන කතා කර­නවා නෙමෙයි. නමුත් මේ අය­ටත් නාය­ක­යෙක් අව­ශ්‍යයි. මම තරුණ නාය­ක­යෙක් විදි­යට තමයි මේ මැති­ව­ර­ණ­යට මුහුණ දෙන්නේ. මේ මැති­ව­ර­ණ­යේදී ඔබ සැම හොඳ තීන්දු­වක් ගන්නා බව මම දන්නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT