සියලු ජන වර්ගවලට සහ සංස්කෘතීන්ට අයත් ජනතාවට සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව වත්මන් ජනාධිපතිවරයා පිළි ගන්නා බවත්, ඔහු දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න අවබෝධ කර ගත් ජාතික නායකයෙක් බවත් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක මරුදෙයි සුබ්රමනියම් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ වත්තල, හැඳල පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“මෙතෙක් කල් පාලකයන් කළේ ජනතාව ජාති, ආගම්, කුලය, පක්ෂ, පාට, ජන වර්ග ආදියට වෙන් කර ඔවුන් අතර අසමගිය, වෛරය ඇති කර එයින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීමයි. නමුත් පසුගිය ජනපතිවරණයත් සමඟම ඒ සියල්ල නිමා කරන්න ජනතාව විසින් මාලිමාවට ජය අත්කර දුන්නා. එනිසා සියලු භේද, අමනාපකම්, සීමා මායිම් අමතක කර අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුවී ගම, රට, දැය ගොඩනඟමු. අපේ දරුවන්ට හොඳ රටක් ඉතිරි කර දෙමු. බුද්ධිමත් ජනතා සේවයකට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමට මැතිවරණ ඉතිහාසයේ අතිවිශිෂ්ට ජයක් අත් කරදීම අපගේ යුතුකමක් සහ වගකීමක් බව අමතක නොකරමු.”
එහිදී වත්තල, හැඳල ජාතික ජන බලවේග කොට්ඨාස සභා නිලධාරීන් කිහිපදෙනෙක් ද ජනහමුව ඇමැතූහ.