වසර 25ක දේශපාලන ජීවිතයේ කළුතර දිස්ත්රික්කයෙන් කරණම් නොගැසූ ප්රතිපත්තිමය දේශපාලනයක නියැලුණු එකම දේශපාලනඥයා තමා බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් කොතලාවල මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ බණ්ඩාරගම නගරයේ පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
Òඑක්සත් ජාතික පක්ෂයේ ජය පරාජය දෙකේම පක්ෂය හැරදා නොගිය කළුතර දිස්ත්රික්කයේ එකම දේශපාලනඥයා මම. එය බිම් මට්ටමේ සාමාජිකයාගේ සිට පක්ෂ නායකත්වය දක්වා හොඳින් දන්නා කරුණක්. එවැනි අවංක පුද්ගලයෙක් වන මට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් දීමට කටයුතු කළොත් දෙන ඡන්දයට උපරිම සාධාරණය ඉටු කර කළුතර දිස්ත්‍රික් ජනතාවට අනූපමේය සේවයක් කිරීමට සැලැස්මක් සකස් කර තිබෙනවා.
අද කළුතර දිස්ත්රික්කයේ පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයන් කරන කියන දෑ ජනතාව පිළි නොගන්නා තත්ත්වයට පත්වෙලා. අලුත් දේශපාලන සංස්කෘතියකට තරුණ පරපුර විතරක් නෙවෙයි, වැඩිහිටි පරපුරත් යොමු වෙලා. අද ගොඩක් දේශපාලන වේදිකාවල ඇහෙන්නේ අරයගේ වැරදි මෙයාගේ වැරදි. නමුත් ඒ දේශපාලනඥයත් ඇවිල්ලා කරන්නේ ඒ වැරදිමයි. නිදා සිටින ජනතාවක් නොවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ අවදියෙන් ඉන්න ජනතාවක්. බුද්ධිමත් ජනතාවක්. සුරංගනා කතාවලට රැවටෙන්නේ නෑ. සෑම දේශපාලනඥයෙක්ම ඒක අවබෝධ කර ගත යුතුයි. තවත් සමහර දේශපාලනඥයන් වේදිකාවල පුරසාරම් දොඩන දේවල් බලයට පත් වූ විට අමතක කරනවා. ඒවා කතා කළාද කියලවත් මතක නෑ. අද දේශපාලනඥයා ජනතාවගෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. අද දේශපාලනඥයෙක් දිහා ජනතාව බලන්නේ මීට දශක 5/6 එහා දේශපාලනඥයෙක් දිහා බලපු විදිහට නෙමෙයි.
කළුතර දිස්ත්රික්කය සම්පත් ආකරයක්. කිසිදු දේශපාලනඥයෙක් ඒවා දිහා ඇහැරලාවත් බලන්නේ නෑ. සංචාරක ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන් ස්ථාන ඕනතරම්. ඒවා නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් නෑ. මගේ එකම සිහිනය කළුතර ජනතාව ආර්ථික අතින් පොහොසතුන් බවට පත්කිරීමයි.Ó