Home » ඩෙංගු මදු­රු­වාට පණ දුන් සංචා­රක හෝටල් හය­කට නඩු

ඩෙංගු මදු­රු­වාට පණ දුන් සංචා­රක හෝටල් හය­කට නඩු

by Gayan Abeykoon
October 29, 2024 1:04 am 0 comment

හාළි­ඇළ සමූහ ආර්.එම්. විජේ­රත්න

සිය හෝටල් පරි­ශ්‍ර­යන් කැළි කසළ සහි­තව අප­වි­ත්‍රව හා අක්‍ර­ම­වත්ව පව­ත්වා­ගෙන යමින් මදු­රු­වන් බෝ වීමට තුඩු දෙන ලෙස කට­යුතු කළ ඇල්ල සංචා­රක පුර­ව­රයේ මහා පරි­මාණ සංචා­රක හෝටල් 6කට එරෙ­හිව අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මට ඇල්ල මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා පිය­වර ගෙන ඇත.

හෝට­ල්ව­ලින් ඉවත දමන අප­ද්‍රව්‍ය හා ජලය රැඳී පැව­තිය හැකි වෙනත් අබලි ද්‍රව්‍ය ඇතුළු විවිධ කැළි කසළ අක්‍ර­ම­වත්ව එම හෝටල් පරි­ශ්‍ර­යන් තුළ ගොඩ­ගසා තිබීම මෙන්ම, ඇතැම් හෝට­ල්වල අව­දා­නම් ලෙස අප­ජ­ලය රැස්වන ස්ථාන පව­ත්වා­ගෙන යාම හේතු­වෙන් මැස්සන් හා මදු­රු­වන් බෝ වීමේ අව­දා­නම මත මෙසේ නඩු පවරා ඇත්තේ ඇල්ල නගර මධ්‍යයේ පිහිටි හෝටල් හිමි­යන් හය දෙන­කුට එරෙ­හි­වය. ඇල්ල මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ඩී.එම්. සාගර නන්දික ගුණ­සේ­කර මහතා, ප්‍රදේ­ශයේ ඩෙංගු මර්දන සහා­ය­ක­ව­රුන් හා සෞඛ්‍ය කාර්ය සහා­ය­ක­ව­රුන් එක්ව අදාළ වැට­ලීම් සිදු­කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT