කලක සිට පැවති අඩුපාඩු බොහොමයක් හේතුවෙන් යටියන්තොට නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙඳ ප්‍රජාව ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවට ඔවුහු චෝදනා කරති.
කුලී වාහන හා ත්‍රිරෝද රථ ගාල් කිරීමට නිසි ස්ථාන නොමැතිකමින් එම රථවාහන, වෙළෙඳසල් ඉදිරිපිට හා නගරයේ තැන් තැන්වල නැවැත්වීම හේතුවෙන් දිනපතා නගරයට එන පාසල් ළමුන් හා සාමාන්‍ය ජනතාවට නගරයේ ගමන් කිරීමට සිදුව ඇත්තේ අනාරක්ෂිතව පාර මැද්දෙන් වන අතර මේ නිසා රථවාහන තදබදයක් ද ඇති වන බව ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් මෙලෙස අදහස් දැක්වූහ.
ගනේපල්ලේ පදිංචි අනුර පෙරේරා මහතා:
Òනගරයට වාහනයකින් ඇවිත් බඩු මුට්ටුවක් ගන්න විදිහක් නැහැ. වාහන නවත්වන්න තැනක් නැහැ. වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණය ළඟ හරි

හිස් බෝතල්, බියර් ටින්වලින්
කාණු වැසී ඇති අයුරු
ප්‍රාදේශීය සභාව අසල හරි පාරේ නවත්තලා පයින් යන්නෙ. වාහනයට කිසිම ආරක්ෂාවක් නැහැ.Ó
ත්‍රීරෝද රථ සංගමයේ තිලක් කාරියවසම් මහතා:
Òත්‍රිරෝද රථ ගාල් කරන සමහර තැන්වල ගැටලුවක් තියෙන බව අපි පිළිගන්නවා. වෙළෙඳසල් අවහිර වෙනකොට බිස්නස් නැති වෙනවා. ඒවගේම මිනිස්සු එන්නෙ නැති වෙනකොට හයර් නැති වෙනවා. පොලිසියේ රථවාහන අංශය මැදිහත්වෙලා ප්‍රාදේශීය සභාව හා මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සුදුසු ස්ථාන ලබා දීමට මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා.Ó
වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක පී.එම්. කිංස්ලි මහතා:
Òනගරයට එන ජනතාවට නිදහසේ බඩු මුට්ටු ගන්න ඉඩ ලබාදිය යුතුයි. නැත්නම් ව්‍යාපාරිකයෝ වැටෙනවා. මේ වෙනකොට පොලිසිය හා ප්‍රාදේශීය සභාව නගරය ක්‍රමවත් කරන්න උත්සාහ ගන්නවා. අපිත් සහාය දෙනවා. වෙළෙඳ සංගමයට අපි යෝජනා කරලා තියෙනව තමන්ගෙ වෙළෙඳසල ඉදිරියේ කාණු තමන් පිරිසුදු කර ගන්න කියලා.Ó
ජනතාවට පවතින මාර්ග ගැටලු පිළිබඳව යටියන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් ඩී.එස්.බී.ටී. කමල්සිරි මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා මෙසේ පැවසීය.
Òපොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ‘සුරක්ෂිත මහ මඟක්’ යන තේමාව යටතේ රිය ගමනාගමනය විධිමත් කිරීම තුළින් නගර අලංකරණය කිරීමේ වැඩසටහන, පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් හා නියෝග පරිදි මා වෙත පැවරී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යටියන්තොට ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, වෙළෙඳ සංගමය, ත්‍රිරෝද රථ සංගම් දැනුම්වත් කර ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා ගත්තා. වසර ගණනක සිට අපවිත්‍ර වී, අවිධිමත්ව තිබූ නගරයේ කාණු පද්ධතිය පිළිසකර කිරීම, අවහිර වූ පදික වේදිකා නිවැරදි කිරීම තුළින් නගරය අලංකාර කිරීම හා රිය ගමනාගමනය විධිමත් කිරීමයි මෙහිදී සිදු කරන්නෙ. ඉදිරියේදී තිබෙන අඩුපාඩු මගහැරී යයි.Ó