Home » යටි­ය­න්තොට නග­රයේ අඩු­පාඩු සකස් කර දෙන්නැයි ජන­තාව ඉල්ලති

යටි­ය­න්තොට නග­රයේ අඩු­පාඩු සකස් කර දෙන්නැයි ජන­තාව ඉල්ලති

by Gayan Abeykoon
October 29, 2024 1:03 am 0 comment

යටි­ය­න්තොට විශේෂ - සමන් එස්. රත්නා­යක

කලක සිට පැවති අඩු­පාඩු බොහො­ම­යක් හේතු­වෙන් යටි­ය­න්තොට නග­ර­යට පැමි­ණෙන පාරි­භෝ­ගික ජන­තාව මෙන්ම වෙළෙඳ ප්‍රජාව ද දැඩි අප­හ­සු­තා­වට පත්ව සිටින බවට ඔවුහු චෝදනා කරති.

කුලී වාහන හා ත්‍රිරෝද රථ ගාල් කිරී­මට නිසි ස්ථාන නොමැ­ති­ක­මින් එම රථ­වා­හන, වෙළෙ­ඳ­සල් ඉදි­රි­පිට හා නග­රයේ තැන් තැන්වල නැවැ­ත්වීම හේතු­වෙන් දින­පතා නග­ර­යට එන පාසල් ළමුන් හා සාමාන්‍ය ජන­තා­වට නග­රයේ ගමන් කිරී­මට සිදුව ඇත්තේ අනා­ර­ක්ෂි­තව පාර මැද්දෙන් වන අතර මේ නිසා රථ­වා­හන තද­බ­ද­යක් ද ඇති වන බව ජන­තාව පව­සති. මේ සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නෙක් මෙලෙස අද­හස් දැක්වූහ.

ගනේ­පල්ලේ පදිංචි අනුර පෙරේරා මහතා:

Òනග­ර­යට වාහ­න­ය­කින් ඇවිත් බඩු මුට්ටු­වක් ගන්න විදි­හක් නැහැ. වාහන නව­ත්වන්න තැනක් නැහැ. වින්සන්ට් පෙරේරා ක්‍රීඩාං­ග­ණය ළඟ හරි

හිස් බෝතල්, බියර් ටින්ව­ලින් කාණු වැසී ඇති අයුරු

හිස් බෝතල්, බියර් ටින්ව­ලින්
කාණු වැසී ඇති අයුරු

ප්‍රාදේ­ශීය සභාව අසල හරි පාරේ නව­ත්තලා පයින් යන්නෙ. වාහ­න­යට කිසිම ආර­ක්ෂා­වක් නැහැ.Ó

ත්‍රීරෝද රථ සංග­මයේ තිලක් කාරි­ය­ව­සම් මහතා:

Òත්‍රිරෝද රථ ගාල් කරන සම­හර තැන්වල ගැට­ලු­වක් තියෙන බව අපි පිළි­ග­න්නවා. වෙළෙ­ඳ­සල් අව­හිර වෙන­කොට බිස්නස් නැති වෙනවා. ඒව­ගේම මිනිස්සු එන්නෙ නැති වෙන­කොට හයර් නැති වෙනවා. පොලි­සියේ රථ­වා­හන අංශය මැදි­හ­ත්වෙලා ප්‍රාදේ­ශීය සභාව හා මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අනු­ග්‍ර­හ­යෙන් සුදුසු ස්ථාන ලබා දීමට මේ වන­විට කට­යුතු කර­මින් ඉන්නවා.Ó

වෙළෙඳ සංග­මයේ ප්‍රධාන සංවි­ධා­යක පී.එම්. කිංස්ලි මහතා:

Òනග­ර­යට එන ජන­තා­වට නිද­හසේ බඩු මුට්ටු ගන්න ඉඩ ලබා­දිය යුතුයි. නැත්නම් ව්‍යාපා­රි­කයෝ වැටෙ­නවා. මේ වෙන­කොට පොලි­සිය හා ප්‍රාදේ­ශීය සභාව නග­රය ක්‍රම­වත් කරන්න උත්සාහ ගන්නවා. අපිත් සහාය දෙනවා. වෙළෙඳ සංග­ම­යට අපි යෝජනා කරලා තියෙ­නව තමන්ගෙ වෙළෙ­ඳ­සල ඉදි­රියේ කාණු තමන් පිරි­සුදු කර ගන්න කියලා.Ó

ජන­තා­වට පව­තින මාර්ග ගැටලු පිළි­බ­ඳව යටි­ය­න්තොට පොලි­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් ඩී.එස්.බී.ටී. කම­ල්සිරි මහ­තා­ගෙන් කළ විම­සී­මක දී ඒ මහතා මෙසේ පැව­සීය.

Òපොලි­ස්ප­ති­ව­ර­යාගේ සංක­ල්ප­ය­කට අනුව ‘සුර­ක්ෂිත මහ මඟක්’ යන තේමාව යටතේ රිය ගම­නා­ග­ම­නය විධි­මත් කිරීම තුළින් නගර අලං­ක­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හන, පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දෙස් හා නියෝග පරිදි මා වෙත පැවරී තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් යටි­ය­න්තොට ප්‍රාදේ­ශීය සභාව, මාර්ග සංව­ර්ධන අධි­කා­රිය, වෙළෙඳ සංග­මය, ත්‍රිරෝද රථ සංගම් දැනු­ම්වත් කර ඒවා ක්‍රියා­ත්මක කිරී­මට සහ­යෝ­ගය ලබා ගත්තා. වසර ගණ­නක සිට අප­විත්‍ර වී, අවි­ධි­මත්ව තිබූ නග­රයේ කාණු පද්ධ­තිය පිළි­ස­කර කිරීම, අව­හිර වූ පදික වේදිකා නිවැ­රදි කිරීම තුළින් නග­රය අලං­කාර කිරීම හා රිය ගම­නා­ග­ම­නය විධි­මත් කිරී­මයි මෙහිදී සිදු කරන්නෙ. ඉදි­රි­යේදී තිබෙන අඩු­පාඩු මග­හැරී යයි.Ó

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT