හම්බේගමුව පොලිසිය මඟින් අලුත්වැව, කිලින්බුන්න ප්‍රදේශයේදී ඉකුත් 25 වැනිදා සිදු කළ වැටලීමකදී අයිස් ග්‍රෑම් 18ක් සමඟ 27 හැවිරිදි තරුණයකු සහ ඇයගේ පෙම්වතිය වන 24 හැවිරිදි විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කහවත්ත අකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, සැකකාරිය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. අලුත්වැව, කිලින්බුන්න පාරේ වතුර ෆිල්ටර අසල නිවෙසක අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත. තවද ඔහු ළඟ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකතන තුනක් සහ සාමාන්‍ය දුරකතනයක්ද, මුදල් රුපියල් විසිතුන්දහස් පන්සියයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකරුගේ පෙම්වතිය වන හෙට්ටිගේවත්ත දේවාලයගම රත්නපුර පදිංචි (24) තරුණියගේ සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 04ක් හා ස්මාට් ජංගම දුරකතන තුනක්ද සොයාගෙන ඇත. සැකකරු සහ සැකකාරිය කිලින්බුන්න ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන රැඳී සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව පොලිසියට අනාවරණය වී තිබේ. සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැල්ලවාය නිල නොලත් මහේස්ත්‍රාත් නීතා දීපිකා කුමාරි මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව සැකකරු දින තුනක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත. සැකකාරිය ඇප මත මුදාහැර තිබේ.