Home » තරු­ණ­යකු හා සර­සවි පෙම්ව­තිය කුඩුත් එක්ක මාට්ටු
හම්බේ­ග­මුවේ වැට­ලී­ම­කින්

තරු­ණ­යකු හා සර­සවි පෙම්ව­තිය කුඩුත් එක්ක මාට්ටු

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

හම්බේ­ග­මුව පොලි­සිය මඟින් අලු­ත්වැව, කිලි­න්බුන්න ප්‍රදේ­ශ­යේදී ඉකුත් 25 වැනිදා සිදු කළ වැට­ලී­ම­කදී අයිස් ග්‍රෑම් 18ක් සමඟ 27 හැවි­රිදි තරු­ණ­යකු සහ ඇයගේ පෙම්ව­තිය වන 24 හැවි­රිදි විවෘත විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යා­වක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­කරු කහ­වත්ත අක­රැල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර, සැක­කා­රිය නාවල විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ ඉගෙ­නුම ලබන ශිෂ්‍යා­වකි. අලු­ත්වැව, කිලි­න්බුන්න පාරේ වතුර ෆිල්ටර අසල නිවෙ­සක අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොර­තු­රක් මත සිදු කළ වැට­ලී­මේදී සැක­කරු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 14ක් සොයා­ගෙන ඇත. තවද ඔහු ළඟ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුර­ක­තන තුනක් සහ සාමාන්‍ය දුර­ක­ත­න­යක්ද, මුදල් රුපි­යල් විසි­තු­න්ද­හස් පන්සි­ය­යක්ද පොලි­සිය භාර­යට ගෙන තිබේ. සැක­ක­රුගේ පෙම්ව­තිය වන හෙට්ටි­ගේ­වත්ත දේවා­ල­ය­ගම රත්න­පුර පදිංචි (24) තරු­ණි­යගේ සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 04ක් හා ස්මාට් ජංගම දුර­ක­තන තුනක්ද සොයා­ගෙන ඇත. සැක­කරු සහ සැක­කා­රිය කිලි­න්බුන්න ප්‍රදේ­ශයේ නිවෙ­සක් කුලි­යට ගෙන රැඳී සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිරත වන බව පොලිසියට අනා­ව­ර­ණය වී තිබේ. සැක­කරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැල්ල­වාය නිල නොලත් මහේ­ස්ත්‍රාත් නීතා දීපිකා කුමාරි මහ­ත්මිය වෙත ඉදි­රි­පත් කරන ලදුව සැක­කරු දින තුනක් රැඳ­වුම් නියෝග ලබා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර ලබා­ගෙන ඇත. සැක­කා­රිය ඇප මත මුදා­හැර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT