31
විවිධ හේතූන් නිසා අත් හා පාද අහිමි ත්රිකුණාමල දිස්ත්රික්කයේ ආබාධිත පුද්ගලයන් 26 දෙනෙකු වෙනුවෙන් කෘත්රිම අත් හා පාද විසි හතක් ලබාදීම ත්රිකුණාමලයේ පිහිටි යුද හමුදා 22 සේනාංක මූලස්ථානයේදී සිදු කෙරිණි.
නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාධිපති මේජර් ජනරාල් එස්.ඒ. කුලතුංග මහතාගේ මගපෙන්වීම යටතේ මෙම කෘත්රිම අත් හා පාද පිරිනැමීම 22 සේනාංකාධිපති මේජර් ජනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
කොළඹ අසරණ සරණ සමිතිය, කැපිටල් සිටි රොටරි සමාජය හා ශ්රී ලංකා අශෝක ලේලන්ඩ් සමාගම මේ සඳහා අනුග්රහක දායකත්වය ලබා දී තිබුණි.