Home » ආබා­ධිත පුද්ග­ල­යන් 26 දෙනකු වෙනු­වෙන් කෘත්‍රිම අත් පා

ආබා­ධිත පුද්ග­ල­යන් 26 දෙනකු වෙනු­වෙන් කෘත්‍රිම අත් පා

by Gayan Abeykoon
October 29, 2024 1:03 am 0 comment

ත්රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද අම­ර­ජීව
මේජර් ජෙන­රාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩු­ගම මහතා කෘත්‍රිම පාද­යක් පිරි­න­ම­මින්.

විවිධ හේතූන් නිසා අත් හා පාද අහිමි ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්කයේ ආබා­ධිත පුද්ග­ල­යන් 26 දෙනෙකු වෙනු­වෙන් කෘත්‍රිම අත් හා පාද විසි හතක් ලබා­දීම ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි යුද හමුදා 22 සේනාංක මූල­ස්ථා­න­යේදී සිදු කෙරිණි.

නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනා ආඥා­පති හා යුද හමුදා කෘෂි­කර්ම හා පශු සම්පත් බළ­කා­ධි­පති මේජර් ජන­රාල් එස්.ඒ. කුල­තුංග මහ­තාගේ මග­පෙ­න්වීම යටතේ මෙම කෘත්‍රිම අත් හා පාද පිරි­නැ­මීම 22 සේනාං­කා­ධි­පති මේජර් ජන­රාල් යූ.කේ.ඩී.ඩී.පී. උඩු­ගම මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­විය.

කොළඹ අස­රණ සරණ සමි­තිය, කැපි­ටල් සිටි රොටරි සමා­ජය හා ශ්‍රී ලංකා අශෝක ලේලන්ඩ් සමා­ගම මේ සඳහා අනු­ග්‍ර­හක දාය­ක­ත්වය ලබා දී තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT