40
මාතලේ කළුදෑවල සින්දාක්කට්ටි දේවාලයේ පෞරාණික වටිනාකමකින් යුතු ගණදෙවි පිළිමය කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
සින්දක්කට්ටිය දේවාලයේ වැඳුම් පිදුම් සඳහා තැන්පත් කර තිබූ අඩි තුනක් පමණ උස ගණ දෙවි පිළිමය සොරාගෙන ඇති බවට දේවාලයේ පාලක මණ්ඩලය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාතලේ පොලිසිය සඳහන් කරයි.