28
මීගමුව නගර මධ්‍යයේ පිස්කල් හන්දියේ පිහිටි මහජනතාවට සිය ලිපි යැවීම සඳහා ඉදි කර තිබූ තැපැල් කණුව කලක සිට ගරාවැටී එහි තිබෙන ලෝහමය දොරටුව ද දිරා ගොස් ගැල වී ඇත. මේ වන විට එම තැපැල් කණුවට ජනතාව ලිපි දැමීම නතර කර දමා ඇති අතර, තැපැල් සේවක මහතා ද එහි පැමිණීම නවතා දමා තිබේ. මීගමුව සංචාරක පුරයක් බැවින් විදේශීය සංචාරකයන් ද එම ප්‍රදේශයේ ජනතාව ද එම තැපැල් කණුවෙන් ලබා ගත් සේවය අතිමහත්ය. මේ සම්බන්ධව බලධාරින් දැනුම්වත් කළද කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.