55
අලුත්ගම, කළුවාමෝදර ඓතිහාසික කන්දේ විහාරස්ථානයේදී විහාරාධිපති විපුලසාර නාහිමියන්ගේ විශ්‍රාම වැටුප් මුදල් රුපියල් ලක්ෂ දහයක් වැය කර, මතුගම වෑත්තෑව රජයේ රෝහලට හා අලුත්ගම රජයේ රෝහලට වෛද්‍ය උපකරණ හා ඖෂධ පිරිනැමීමේ සත්කාරයක් පෙරේදා (27) දහවල් කන්ද විහාරයේදී සිදු කෙරිණි. මෙම වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරන අවස්ථාවට අනුනායක කළුවාමෝදර සීලරතනතිස්ස, ලේඛනශූරී අරම ධම්මතිලක, කන්දේ විහාර ක්ෂේත්රාරාම පරිවේණාධිපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද යන නාහිමිවරුන් ඇතුළු රෝහල් දෙකෙහි වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය, සතර පේරුවේ දායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.