Home » පරි­ග­ණක අප­රා­ධ­ව­ලට කොටු වූ චීන්නු දෙන්නා රිමාන්ඩ්

පරි­ග­ණක අප­රා­ධ­ව­ලට කොටු වූ චීන්නු දෙන්නා රිමාන්ඩ්

by Gayan Abeykoon
October 29, 2024 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

ශ්‍රී ලංකා­වට පැමි­ණෙන සෑම විදේ­ශි­ක­යකු දෙසම සතුරු ඇසින් බලා කට­යුතු කිරීම රටේ සංචා­රක ව්‍යාපා­ර­යට හානි විය හැකි බැවින් ඉතා ප්‍රවේ­ස­මෙන් හා වග­කී­ම­කින් කට­යුතු කළ යුතුව ඇතැයි ගාල්ල ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මාර මහතා ගාල්ල පොලි­සි­යට උප­දෙස් දුන්නේය. ඒ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබූ චීන ජාති­ක­යින් දෙදෙ­නකු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීමේ අව­ස්ථා­වේ­දීයි. මෙර­ටට පැමිණි මෙම චීන ජාති­ක­යින් තිදෙනා පරි­ග­ණක අප­රාධ කරන බවට ලද පැමි­ණි­ල්ලක් මත ගාල්ල පොලි­සියේ අප­රාධ විම­ර්ශන ඒක­කය මඟින් මොවුන් මෙසේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබ තිබිණි. සැක­ක­රු­වන්ගේ වීසා පිළි­බ­ඳව අපැ­හැ­දි­ලි­තා­ව­යක් පෙනෙන බැවින් සැක­ක­රු­වන් ⁣ නොවැ­ම්බර් මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියම කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා, මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කළ පැමි­ණි­ලි­කරු පිළි­බ­ඳව ද විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පවත්වා උසා­වි­යට වාර්තා කරන ලෙස පොලි­සි­යට නියම කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT