ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයකු දෙසම සතුරු ඇසින් බලා කටයුතු කිරීම රටේ සංචාරක ව්‍යාපාරයට හානි විය හැකි බැවින් ඉතා ප්‍රවේසමෙන් හා වගකීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ගාල්ල පොලිසියට උපදෙස් දුන්නේය. ඒ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ චීන ජාතිකයින් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අවස්ථාවේදීයි. මෙරටට පැමිණි මෙම චීන ජාතිකයින් තිදෙනා පරිගණක අපරාධ කරන බවට ලද පැමිණිල්ලක් මත ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මඟින් මොවුන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි. සැකකරුවන්ගේ වීසා පිළිබඳව අපැහැදිලිතාවයක් පෙනෙන බැවින් සැකකරුවන් නොවැම්බර් මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළ මහේස්ත්‍රාත්වරයා, මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ පැමිණිලිකරු පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් පවත්වා උසාවියට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.