රාහු කාලය
දහවල් 11.54 – 01.24 දක්වා
රාත්‍රි 11.54 – 01.24 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 5.59ට උතුර බලා
උදේ 7.21ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 6.17ට උතුර බලා
සවස 4.14ට උතුර බලා
මේෂ
ධනයක් හිමිවේ
ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනකි. මඟතොට ගමන් කිරීමේදී විවිධ පිටස්තර බලවේග නිසා උවදුරේ වැටෙන ස්වභාවයක් දක්නට ලැබේ. යටපත් වූ ධනයක් තමාට හිමිවීමේ වාසනාව පවතී.
වෘෂභ
නව ව්‍යාපාර පල
ඉතා සුබවාදි වෙයි. නිවෙසේ සියලු දෙනා එකට එක්ව කිසියම් සැමරුමකට සූදානම්වේ. නව ව්‍යාපාරයකටද අත ගැසීමට සිතයි.
මිථුන
වාසනාවන්ත දිනකි
තමාට ඉතා සතුටු විය හැකි වාසනාවන්ත දිනකි. බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළොත් බොහෝ දෙනාගේ ඇප උපකාරද හිමිවේ. විවිධ ආදායම් මාර්ග පෑදේ.
කටක
ගැටලුවලට විසඳුම්
පැවති බොහෝ ගැටලු අවම කරන දිනකි. කලක් තිස්සේ දුරදිග ගිය නීතිමය ගැටලුවකට සාධාරණය ඉටුවේ. මිල මුදල් දේපළ උරුමකම් හිමිකම් සහිතයි. විවාහක නම් තම ස්වාමියා හෝ බිරිඳ වෙතින් යම් ආර්ථික ප්‍රතිලාභයක් උරුම වීමට නියමිතය.
සිංහ
සතුරෝ ළංවෙයි
හදිසි ධන ලාභයක් හිමි වීමට තිබේ. යල්පැනගිය යම් උරුමයකට හේතු මතු කරයි. තමා තනිවම කරගෙන ආ ව්‍යාපාරයකට නව හවුල්කරුවන්ගේ එකතුවීමක්ද පෙන්වයි. මිතුරු වෙසින් සතුරෝ ද ළංවිය හැකිය.
කන්‍යා
හොඳ දේ තෝරා බේරා ගනී
ඉතා බුද්ධිගෝචරව කටයුතු කරන දිනක් වෙයි. වියදමට මුදල් ලැබේ. පිනට දහමට ළැදිවේ. නිවෙසේ උත්සවශ්‍රියක් උසුලනු ලබයි. වැරැද්දෙන් හොඳ දේ තෝරා බේරා ගැනීමට සමත්වේ. ආගිය තැන මිතුරෝ ඇතිවේ.
තුලා
ව්‍යාපාර සපල වේ.
වෙළෙඳ ව්‍යාපාර සපල වේ. පිටරට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් එම බලාපොරොත්තු සපල වේ. ණය තුරුස් ගෙවා අවසන් කර ගැනීමට හැකිවේ. නීතිමය වශයෙන් පැවති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට සමත් වේ. බොහෝ අරමුණු ඉටුකර ගන්නා දිනකි.
වෘශ්චික
ආර්ථිකය නව මඟකට
තම ආර්ථිකය නව මඟකට ප්‍රවිශ්ට වෙයි. එදිනෙදා ගෘහ ජීවිතය කාර්යබහුලවේ. තමා නොසිතූ මාර්ගයකින් නව ආදායම් මාර්ගයක් විවරවනු ඇත. හුදු විනෝදාස්වාදය උදෙසා කරන කැපවීම් බොහෝ වේ.
ධනු
රැකියාවේ පරිවර්තනයක්
රැකියාවේ පරිවර්තනයක් සිදුවේ. ඒ අනුව උසස් නිලතල ලැබීමේ වාසනාව පවතී. තමා විසින් කලකට එපිට සිට ආයෝජනය කරගෙන ආ ව්‍යාපාරයක් නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට උනන්දු වෙයි.
මකර
හුදෙකලා බවින් මිදේ
හුදෙකලා බවින් මිදීමට පිරිසක් සමඟ සමීපව කටයුතු කිරීමට වාසනාව උදාවේ. විනෝදාස්වාදයට මුල්තැන දෙයි. පිනට දහමට ළැදිවේ.
කුම්භ
නැති නාස්තිවීම් පලවේ
තුනටියේ ආපදා නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවේ. බර ඉසිලීම ඉතා සමබරව සුපරීක්ෂාකාරීව කළ යුතුය. වියදම නැති නාස්තිවීම පලවේ.
මීන
මංගල යෝග
අවිවාහක අයට මංගල යෝග ද තරුණ තරුණියන්ගේ ජීවිතවල නව ප්රබෝධයක් ද මතුවේ. විනෝදාස්වාදය තුළින් උපරිම සතුට ලබයි. වාසස්ථානවලින් දුරස්ව පෞරාණික, ස්ථාන පිළිබඳ විමර්ශනය කිරීමට පරීක්ෂණ කිරීමට යොමුවේ.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අජිත් ධර්මසිරි