167
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කල මාරාන්තික ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 93 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයේ පිහිටි මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා උතුරු ගාසා තීරයේ, ජබාලියා, බෙයිට් ලාහියා සහ අනෙකුත් ප්‍රදේශවල පසුගිය සති දෙක තුළ ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළේය.
ඊශ්‍රායලය පවසන පරිදි උතුරු ගාසා තීරයේ ඔවුන් මෙහෙයුම් සිදු කරන්නේ හමාස් සංවිධානය නැවත සංවිධානය වීම වැලැක්වීමට බවටය.