Home » උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන දුන් නියෝගය

උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන දුන් නියෝගය

by chanaka
October 30, 2024 2:32 pm 0 comment

තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.

ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මාතලේ මහාධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා තරංග ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කර තිබේ.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT