Home » මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදී ජීවිතක්ෂයට – පෙම්වතා අත්අඩංගුවට

මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදී ජීවිතක්ෂයට – පෙම්වතා අත්අඩංගුවට

by chanaka
October 30, 2024 4:04 pm 0 comment

පයාගල මුහුදු වෙරළේදී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තරුණියගේ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.

පයාගල පොලීසිය සඳහන් කළේ මෙම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියව මුහුදට තල්ලු කිරීමේ දී ඇගේ හිස ගලක වැදී ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරු තම මිතුරෙකුට කතා කර, පෙම්වතියව 1990 සුවසැරිය ගෙන්වා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් අදාළ තරුණිය ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගොස් ඇති බවත් වාර්තා වේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ පයාගල පොලීසිය අපරාධ අංශ භාර නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT