Home » කාන්තා අපේක්ෂිකාවන්ට “ඩිජිටල් යහභාවිතය” වැඩමුළුවක්

කාන්තා අපේක්ෂිකාවන්ට “ඩිජිටල් යහභාවිතය” වැඩමුළුවක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

2024 පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගි වන කාන්තා අපේක්ෂිකාවන් දැනුම්වත් කිරීමට “ඩිජිටල් යහභාවිතය” පිළිබඳ වැඩමුළුවක් කැෆේ සංවිධානය විසින් පෙරේදා (28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධාන කර තිබුණි.

කැෆේ සංවිධානයට නිරීක්ෂණය වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා කාන්තා අපේක්ෂිකාවන් අගතියට පත්වන ආකාරයෙන් පෝස්ට් සහ වීඩියෝ හුවමාරු කෙරුණු බවය. මේ නිසා මේ වැඩමුළුවේ අපේක්‍ෂාව වන්නේ මෙවැනි සිද්ධියක දී අපේක්ෂිකාවන් ඊට එරෙහිව ගත යුතු පියවර මොනව ද? මැතිවරණ කොමිසමෙන් ලබාගත හැකි සහාය කුමක්ද? යන්න පිළිබඳවත්, සමාජ මාධ්‍ය හරහා දේශපාලන ප්‍රචාරණ කටයුතු කිරීම, ඩිජිටල් සාක්ෂරතාව, ඩිජිටල් ආරක්ෂණය, ඩිජිටල් යහභාවිතය සම්බන්ධයෙන් දැනුම ලබාදීමත් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පැවසීය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන්, කැෆේ සංවිධානයේ පරිපාලන අධ්‍යක්ෂ සුරංගි ආරියවංශ, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, IRES සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

මේ වැඩමුළුවට ප්‍රතිපාදන ලබාදෙන The Carter Center නියෝජිතවරුන්, ක්ලෙයාර් ගෝල්ඩ්මන් මහත්මිය ද පුහුණුවීම ලබාදීමේදී සම්පත්දායකයා ලෙස ආචාර්ය ගේබ්‍රියල් මහත්මියද සහභාගි වූවාය. මේ වැඩසටහනට දේශපාලන පක්‍ෂවලින් බස්නාහිර උතුර සහ දකුණ පළාත් නියෝජනය කරන කාන්තා අපේක්ෂිකාවෝ සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT