Home » බලධාරීන්ට ඇස් නැද්ද?

බලධාරීන්ට ඇස් නැද්ද?

by mahesh
October 30, 2024 1:00 am 0 comment

කල්දේරම්මඩුවත්ත පාරේ සිට කවිරාජ මාවතට සම්බන්ධ වන පළමු වන පටුමගෙහි වැසි දින වලදී තත්ත්වය මෙසේය. මෙම පාර හොරණ පාරේ සිට ගාලුපාරට ගමන් කල හැකි පහසු විකල්ප කෙටි මාර්ගය වේ. එමෙන්ම පානදුර සුමංගල පිරිමි පාසල හා පානදුර ,වෑකඩ, බෞද්ධාලෝක විදුහලෙහි ඉගෙනුම ලබන දරුවන් විශාල පිරිසක් මෙම පාරෙහි ගමන් ගන්නා අතර රැකියාවට යන පිරිස් ද මෙම පාර භාවිතා කරනු ලබයි. සුලු වැසි දිනයක වුවද කිසිදු ආකාරයකින් මෙහි ගමන් ගැනීමට හැකියාවක් නොමැත. පළමු පටුමගෙහි මෙම තත්වය නිසා පාසැල් දරුවන්, රැකියවට යන පිරිස් මෙන්ම ගම්වාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

මේ සම්බන්ධව දිගින් දිගටම අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද කාලයෙන් කාලයට එක් එක් දේශපාලනික බලපෑම් මත කොටස් වශයෙන් පාරවල් පිළිසකර කරන ලදී. එහි ආසන්නතම සිදුවීම ලෙස පසු ගිය කාලවකවානුවෙහි කල්දේරම්මඩුවත්ත පාර උස්කොට සකස් කිරීමත් වතුර බැස යාමට අදාල කාණු පද්ධතිය නිසි පරිදි සකස් නොකිරීමත් මෙම පාර වතුරෙන් යටවීමට හේතුවක් බවත් පෙන්වාදිය හැකිය.

එබැවින්, අදාල පරිපාලන ආයතනයන්හි විධිමත්ව ජලය බැස යන පරිදි කාණු පද්ධතිය සකස් කිරීමට දැනුමැති නිළධාරීන් නොමැති වීම මෙම තත්ත්වයට හේතුවී ඇත්ද නැතිනම් හිතාමතා ජනතාව අපහසුතාවයට පත් කිරීමට මෙලෙස ක්‍රියා කරන්නේද යන්නගම්වාසීන්ට මේ වනවිට ප්‍රශ්නාර්ථයක් මතුවී ඇත.

තවද, ගම්වාසීන්ගේ මංගල හා අවමංගල කටයුත්තකදී වැසි දිනකදී ජලයෙහි බැස ගමන් කිරීමට සිදුවන බවද බලධාරීන්ගේ අවධානයට යොමු කරමු.

ප්‍රදේශවාසීන් 
පානදුර , වෑකඩ,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT