Home » වන සතුන්ට සිදුවන හානි දැනුම්දීමට වනජීවිය දුන්1992ට පැමිණිලි 3312ක්

වන සතුන්ට සිදුවන හානි දැනුම්දීමට වනජීවිය දුන්1992ට පැමිණිලි 3312ක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

– වැඩිම පැමිණිලි වන අලි තර්ජනවලටයි
– සතුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමත් ජීවිත අවදානම අඩු කර ගැනීමටත් හැකියි

වන සතුන්ට සිදුවන හානි පිළිබඳව දැනුම්දීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති 1992 ක්ෂණික දුරකතන අංකයට මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගෙවී ගිය මාස 9ක කාලයේ පැමිණිලි 3312ක් ලැබී ඇතැයි දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.

මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ වන අලි තර්ජන සම්බන්ධයෙනි. සංඛ්‍යාව 1154 කි. 1992 ක්ෂණික දුරකතන අංකයට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. පැමිණිලි ගණන 446කි. සතුන්ට වූ ආපදා, අවතැන්වීම් පිළිබඳව පැමිණිලි 1474 ක්ද, වන අලි තුවාල වීම් 157 ක්ද දිවියන්, හඳුන් දිවියන් ආපදාවට ලක්වීම් හා පැමිණිලි 102ක්ද, සතුන්ගෙන් මිනිසුන්ට වන ගැටලු 58ක්ද, අනවසර ක්‍රියා 203, විදුලි වැට බිඳවැටීම් හා පැමිණිලි-10ක්ද, වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන මරණ හෝ පහරදීම් 25, රක්ෂිත ප්‍රදේශවල සිදු වන ස්වභාවික ආපදාවන් 18, අනවසර ක්‍රියා නොවන වෙනත් දැනුම්දීම 93ක්ද, මුහුදු ක්ෂීරපායින් ආබාධයට ලක්වීම් 15ක්ද ‘1992’ ක්ෂණික දුරකතන අංකයට මේ මාස 9ක කාලයේ ලැබී තිබේ. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා ඇතුළු වෙනත් අංශ පිළිබඳව තොරතුරුද මේ අංකයෙන් විමසීමට ජනතාව පෙලඹී ඇති බවත් එවැනි ක්‍රියාවලින් වළකින ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.

වන සතුන්ට යම් පීඩාවක් හෝ අකටයුත්තක් වේ නම් 1992 අංකයට කඩිනමින් දැනුම්දීමෙන් එම සතුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමටත් ඔවුන්ගේ ජීවිත අවදානම අවම කර ආරක්ෂාව ලබාදීමටත් පියවර ගැනීමට හැකි වන බව ද සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

වන සතුන්ට වන හානි දැන්වීම සඳහා වන 1992 ක්ෂණික දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT