නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු සැකකරු වෙත ලබා දීමට රැගෙන ආ කරවල ව්‍යංජනයේ සඟවා තිබූ අයිස් යැයි සැක කළ හැකි කුඩා පැකට් 02ක් බන්ධනාගාර නිලධාරින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා මෙදින සවස 4.10ට පමණ සැකකරු බැලීමට නව මැගසින් බන්ධනාගාරයට පැමිණ ඇති අතර අමුත්තන් පෙන්වීමේ රාජකාරී නියුතු බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු රැගෙන ආ ආහාර බහාලුම් පරීක්ෂාවේදී කරවල ව්‍යංජනයේ තිබී මෙම මත්ද්‍රව්‍ය පැකට් 02ක සොයාගෙන තිබේ.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.