Home » දොම්පේ පාසලක සිසුවියන්ට අතවර කළ කරාතේ උපදේශක අත්අඩංගුවට

දොම්පේ පාසලක සිසුවියන්ට අතවර කළ කරාතේ උපදේශක අත්අඩංගුවට

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ගම්පහ අධිකරණ

දොම්පේ අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන විදුහලක සිසුවියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් විදුහලේ කරාතේ උපදේශකවරයා සහ ඊට ආධාර අනුබල දුන් බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය කියයි.

එම විදුහලේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සහ 13 හැවිරිදි සිසුවියන් දෙදෙනකුට කරාතේ පුහුණුව ලබා දෙන අතරතුරදී මෙම අතවරය සිදුවූ බවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වින්දිත දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත අතර සැකකරුවන් පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දොම්පේ පොලිසිය ඊයේ (29) සඳහන් කළේය.

දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිස්සංක මහතාගේ උපදෙස් මත එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT