Home » හොරෙන් කොස් කඳන් පටවාගෙන ගිය අයෙක් බඩුත් එක්ක කොටු

හොරෙන් කොස් කඳන් පටවාගෙන ගිය අයෙක් බඩුත් එක්ක කොටු

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලුත්ගම, දර්ගා නගරය, දන්වත්තගොඩ ප්‍රදේශය හරහා දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ දර්ගා නගරය දෙසට බලපත්‍ර නොමැතිව රැගෙන ආ බව කියන කොස් දැව කඳන් පැටවූ කැන්ටර් ලොරි රථයක් සමඟ පුද්ගලයකු, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාට ලද තොරතුරක් මත අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්හේන ප්‍රදේශයේ පදිංචි එම රථය පැදවූ රියැදුරු බවත්, එම දැව තොගයේ වටිනාකම රජයේ තක්සේරුව අනුව රුපියල් 150,000කට වැඩි බවත් පොලිසිය කියයි.

මෙම දැව පැටවූ ලොරි රථය, වැලිපැන්න පොලිස් වසමේ සිට රාත්‍රියේ දර්ගා නගරය දෙසට ධාවනය වන බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරක් මත, අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහ මහතා දැනුම්වත් කිරීමෙන් පසු ඒ මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. මැන්ඩිස්, පො.සැ. දුමින්ද ඇතුළු නිලධාරීහු පිරිසක් එම දැව ලොරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. අලුත්ගම පොලිසියේ අධිකරණ කටයුතු භාර උ.පො.ප. රාජකරුණා මහතා මඟින් සැකකරු අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT