Thursday, May 8, 2025
Home » පොහොට්ටුව දවසින් දවස ශක්තිමත් වෙනවා

පොහොට්ටුව දවසින් දවස ශක්තිමත් වෙනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩී.වී. චානක

by mahesh
October 30, 2024 1:00 am 0 comment

තංගල්ල - බන්දුල පද්මසිරි

“ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵලය දැක්කාම පෙනෙන දෙයක් තමා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මාලිමාව තමන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට දෙකක් අඩු කරගෙන තිබීම. සමගි ජන බලවේගයද සියයට හයකින් තම ඡන්ද ප්‍රතිශතය අඩු කරගෙන තිබෙනවා. නමුත් පොහොට්ටුව පමණක් තුන් ගුණයකින් තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන තිබෙනවා. මේ ප්‍රතිඵලයම මහමැතිවරණයේදී ලැබුණොත් අපට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට විසි එකක ඡන්ද ප්‍රතිශතයකට යෑමට හැකියාවක් තිබෙනවා.” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩී. වී. චානක මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ බෙලිඅත්ත සමුපකාර ශ්‍රවණාගාරයේදී පැවැති පාක්ෂිකයන්ගේ හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. “ඇල්පිටිය මැතිවරණයෙන් පෙනෙන්නේ පොහොට්ටුවේ අලුත් වැඩපිළිවෙළ ජනතාව පිළිගෙන තිබෙන බවයි. මහමැතිවරණයට තවත් සති තුනක පමණ කාලයක් තිබෙනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම පොහොට්ටුවට සියයට විසි පහත් සියයට තිහත් අතර ඡන්ද ප්‍රතිශතයකට ලෙහෙසියෙන්ම යන්න හැකියාව තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT