64
හොරණ මධ්‍යම බස් නැවතුම්පොළ භූමියට ප්‍රවේශ වන ප්‍රදේශයේ විශාල වළවල් හෑරී ජලය පිරී තිබීම හේතුවෙන් මගී ජනතාව මෙන්ම රියැදුරු මහත්වරු ද විශාල අපහසුතාවකට පත්ව සිටිති. ගමන් වාරය අවසන් කරන බස් රථ මගී ජනතාවට බැස යෑමට මෙම ස්ථානයේ නතර කිරීම හේතුවෙන් මෙම වළවලට වැටී අනතුරු සිදු වූ අවස්ථා ද තිබෙන බව ඔවුහු පෙන්වා දෙති. හොරණ නගරයේ ප්‍රධාන පාසල් පහක් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට යන එන විශාල පිරිසක් මෙම බස් නැවතුම්පොළ ප්‍රයෝජනයට ගන්නා බැවින් මේ පිළිබඳව කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලීමක් කරති.