Home » කළගෙඩිහේන මහ විදුහලට සමස්ත ලංකා සංගීත ජයක්

කළගෙඩිහේන මහ විදුහලට සමස්ත ලංකා සංගීත ජයක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

අත්තනගල්ල සමූහ උපාලි විජිත කුමාර

සමස්ත ලංකා 2024 පාසල් සංගීත තරගයේ සමූහ ගායනා විවෘත මිශ්‍ර ස්වතන්ත්‍ර නිර්මාණ ශාන්තිකර්ම (සබරගමු) තරගයෙන් අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ කළගෙඩිහේන මහා විද්‍යාලයීය කණ්ඩායම මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද මෙම තරගාවලිය ඉකුත් 26 වැනි දින කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී පැවති අතර, එහි අවසන් මහා තරගයේදී කළගෙඩිහේන මහා විද්‍යාලයීය සිසු-සිසුවියන්ට මෙම ජයග්‍රහණය හිමිව ඇත. විදුහල්පතිනී යමුනා දීපිකා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ විද්‍යාලයේ සංගීතාචාරිණී සංගීත විශාරද දිල්හානි රස්සපාන මහත්මිය සහ සංගීතාචාර්ය සංගීත විශාරද සසංක රාජසේකර මහතා කණ්ඩායම පුරුදු පුහුණු කර තිබේ. සිසු-සිසුවියන්ගේ මෙම සමස්ත ලංකා ජයග්‍රහණය ඇගයීමට ලක්කරමින් ඔවුන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ සද්කාර්යයක් විදුහල්පතිනියගේ මූලිකත්වයෙන් පාසල් පරිශ්‍රයේදී පෙරේදා (28) දහවල් පැවැත්විණ.

ජයග්‍රාහී කණ්ඩායම විදුහල්පතිනි යමුනා දීපිකා පෙරේරා, නියෝජ්‍ය විදුහල්පතිනි රසිකා සමන්ති, සහකාර විදුහල්පතිවරුන් වන සුධර්මන් කස්තුරිආරච්චි, නයනී විතානගේ, සංගීතාචාරිනී දිල්හානි රස්සපාන, සංගීතාචාර්ය සසංක රාජසේකර යන මහත්ම-මහත්මීන් සමඟ විදුහල් භූමියේදී කැමරාවට මුහුණ දුන් අයුරු සේයාරුවෙන් දැක්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT