Home » යෙවාන් ඩේවිඩ්ට වාර්තාගත ෆෝමියුලා ජයක්

යෙවාන් ඩේවිඩ්ට වාර්තාගත ෆෝමියුලා ජයක්

by mahesh
October 30, 2024 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකාවේ නැඟී එන යොවුන් ෆෝමියුලා මෝටර් රථ තරග ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා ජාත්‍යන්තර විවෘත තරගාවලියේ ජයග්‍රහණයක් අත්කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය. පසුගියදා ඉතාලියේ මොන්සා නුවර පැවැති මේ තරගමාලාවට පළමුවරට සහභාගි වූ 17 හැවිරිදි යෙවාන් ඩේවිඩ් එහිදී ෆෝමියුලා මෝටර් රථ පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් දිනකට පසු එම තරගාවලියේ තුන්වැනි තරගයේ ජයග්‍රහණයත් අත්කර ගැනීමට සමත්වීම කැපී පෙණිනි.

බ්‍රසීලයේ හිටපු සුපිරි ‘ෆෝමියුලා වන්’ ධාවන ශූරයකු වන රූබන්ස් බැරිචෙලෝගේ පුත්‍රයා වන ෆර්නැන්ඩෝ බැරිචෙලෝ ඇතුළු ප්‍රබල තරගකරුවන් රැසක් අබිබවා යෑමට ද මෙහිදී යෙවාන් සමත් විය. ඔහුගේ එම දස්කම් හේතුවෙන් තරගාවලියේ Rookie රියැදුරාගේ සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT