Home » ගාලු පාර දූවිල්ලෙන් වසා පාණ­දුරේ දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා වැටේ

ගාලු පාර දූවිල්ලෙන් වසා පාණ­දුරේ දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා වැටේ

by Gayan Abeykoon
October 31, 2024 1:26 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක සහ බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පාණදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි කඩ කාමර පහක් සහිත පැරණි දෙමහල් ගොඩනැඟිල්ලක් එකවර ඊයේ (30) සවස කඩා වැටී ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ගොඩනැඟිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක සිටි වෛද්‍යවරිය සහ ඇගේ දියණියත් පුතාත් දිවි බේරාගෙන ඇත්තේ පිටතට පැන ගැනීමෙනි. මෙම ගොඩනැඟිල්ල කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර දූවිල්ලෙන් වැසී ගොස් තිබේ. පාණදුර ජනප්‍රිය මාවතේ නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල්  බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කානු ශුද්ධ පවිත්‍ර කළ බව ද සඳහන් වේ. කානු පිරිසුදු කළ පිරිස පිටත්ව ගොස් ටික වේලාවකින් පසු මෙම ගොඩනැඟිල්ල කඩා වැටී තිබේ. ගොඩනැඟිල්ල කඩා වැටීම හා කානු පිරිසුදු කිරීම අතර සම්බන්ධයක් ඇතැයි සැක කරයි.

ගොඩනැඟිල්ලේ පහත මහලවල දන්ත ශල්‍යගාරයක්, වසා දැමූ රෙදිපිළි අලෙවිසලක්, සරුවත් අලෙවිසලක් තිබී ඇති අතර, ඉහළ මාලයේ වසා දැමූ කැසට්පට අලෙවිසලක් තිබී ඇත. කඩා වැටීමෙන් මුළු ගොඩනැඟිල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර, යාබද සපත්තු අලෙවිසලක් ද ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් හානිවී ඇති අයුරු දැකගත හැකි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT