Home » ඉන්දීය ධීව­ර­යන්ට මෙරට මුහුදේ මාළු අල්ලන්න බෑ

ඉන්දීය ධීව­ර­යන්ට මෙරට මුහුදේ මාළු අල්ලන්න බෑ

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාක­ච්ඡා­වේදී එක­ඟ­තාවට

by Gayan Abeykoon
October 31, 2024 1:30 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

ශ්‍රී ලංකා මුහුදු සීමා­වේදී අන­ව­සර ධීවර කට­යු­තු­වල නිරත වීම වැළැ­ක්වීම සඳහා නීතිය නිසි ලෙස ක්‍රියා­ත්මක කිරී­මට පෙරේදා (29) කොළ­ඹදී පැවැති ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කට­යුතු පිළි­බඳ සාක­ච්ඡා­වේදී දෙර­ටේම නියෝ­ජි­ත­යන් එක­ඟ­තාව පළ කර තිබේ.

එමෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කට­යුතු පිළි­බඳ දෙරටේ ධීවර සංවි­ධා­න­යන්හි නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පව­ත්වන සාක­ච්ඡාව දෙසැ­ම්බර් මස මුල් සතියේ පැවැ­ත්වී­මට ද මෙම සාක­ච්ඡා­වේදී තීර­ණය වී ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කට­යුතු පිළි­බඳ ඒකා­බද්ධ ක්‍රියා­කාරී කමි­ටුවේ නිල­ධාරි මට්ටමේ 6 වැනි සාක­ච්ඡාව පසු­ගිය 29 වැනිදා පැවැ­ත්වුණු අතර උතුරු නැඟෙ­න­හිර මුහුදු සීමා­වේදී ඉන්දීය යාත්‍රා මඟින් සිදු කරන තහ­නම් ධීවර කට­යුතු වැළැ­ක්වීම අර­මුණු කර ගනි­මින් මෙම කමි­ටුව ස්ථාපිත කරන ලදි. එය අව­සන් වරට රැස්වී ඇත්තේ 2022 වසරේ මාර්තු මාස­යේ­දීය.

උතුරු නැඟෙ­න­හිර ප්‍රදේශ ආශ්‍රිත මුහුදු සීමා­වට ඉන්දීය යාත්‍රා ඇතුළු වීම වැළැ­ක්වී­මට දෙරටේ නීතිය ක්‍රියා­ත්මක කිරීමේ බල­ධා­රීන්ගේ ඒකා­බද්ධ මුර සංචා­ර­යන් තර කිරීම, දෙරට විසින් අත්අ­ඩං­ගු­වට ගත් ධීව­ර­යන් සම්බ­න්ධ­යෙන් නීති­මය කට­යුතු අව­සන් කිරී­මෙන් පසු එම ධීව­ර­යන් කඩි­න­මින් නිද­හස් කිරීම, දෙරටේ වෙර­ළා­ර­ක්ෂක බළ­කා­යන් විසින් පව­ත්වා­ගෙන යනු ලබන හදිසි ඇමැ­තුම් යන්ත්‍ර­ණය ශක්ති­මත් කිරීම, ශ්‍රී ලංකා මුහුදු සීමා­වේදී මිය­ගිය ඉන්දීය ධීව­ර­යන් පිළි­බඳ පව­ත්වන පරී­ක්ෂ­ණ­වල වර්ත­මාන තත්ත්වය සොයා බැලීම සහ දෙරටේ පර්යේ­ෂණ ආය­තන විසින් ධීවර ක්ෂේත්‍ර­යට අදාළ ඒකා­බද්ධ පර්යේ­ෂණ පැවැ­ත්වීම යන කරුණු පිළි­බ­ඳව ද මෙම නිල­ධාරි සාක­ච්ඡා­වේදී විශේෂ අව­ධා­න­යක් යොමු විය.

ඉන්දීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාවේ බොටම් ට්‍රෝලීන් ක්‍රම­යට සිදු කරන ධීවර කට­යුතු හේතු­වෙන් සාගර සම්ප­ත්ව­ලට සිදු­වන හානිය පිළි­බඳ හා එය වැළැ­ක්වී­මට ක්‍රියා කිරීම සම්බ­න්ධව ශ්‍රී ලංකා නියෝ­ජි­ත­යන් මෙහිදී කරුණු අව­ධා­ර­ණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ බහු­දින ධීවර යාත්‍රා­ව­ලට අරාබි මුහු­දට ගමන් කිරීම සහ ආපසු පැමි­ණීමේ පහ­සු­කම් සැල­සීම සඳහා ඉන්දීය මුහුදු සීමාව හරහා ප්‍රවේශ මාර්ග­යක් ලබා­දෙන ලෙස ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලී­මට කඩි­නම් ප්‍රති­චාර දක්වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නියෝ­ජි­ත­යන් මෙහිදී ඉල්ලී­මක් කර ඇත. ධීවර කට­යුතු පිළි­බඳ ඒකා­බද්ධ ක්‍රියා­කාරී කණ්ඩා­යම් රැස්වීම් නිති­පතා පැවැ­ත්වී­ම­ටත් එක­ඟ­තාව පළ වූ කරුණු පිළි­බඳ ප්‍රග­තිය අධී­ක්ෂ­ණය කිරී­ම­ටත් දෙපා­ර්ශ්වයේ එක­ඟ­තාව මෙම සාක­ච්ඡා­වේදී පළ­විණි.

ශ්‍රී ලංකා නියෝ­ජිත කණ්ඩා­යම, කෘෂි­කර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි­මාර්ග ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.පී.එන්.එම් වික්‍ර­ම­සිංහ, ධීවර අමා­ත්‍යාංශ අති­රේක ලේකම් ධම්මික රණ­තුංග, ධීවර දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් සුසන්ත කහ­වත්ත, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රාල් නීලක කදු­රු­ග­මුව, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් විකුම් ඩී. ආබෲ, නාවික කොම­දෝරු ඒ.ඩී. වීර­සිංහ මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විය.

ඉන්දීය නියෝ­ජිත කණ්ඩා­යම ඉන්දීය ධීවර කට­යුතු ලේකම් ආචාර්ය අභි­ලක්ෂී ලික්හි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් සන්තෝෂ් ජා, ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් ශ්‍රී ප්‍රනීට් අග්‍ර­වාල්, ඉන්දීය ධීවර කට­යුතු ඒකා­බද්ධ ලේකම් නීටු ප්‍රසාද් මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT