Home » දීපා­වලී උත්සව අත්ති­කා­රම් රු. 10,000කින් ඉහ­ළට

දීපා­වලී උත්සව අත්ති­කා­රම් රු. 10,000කින් ඉහ­ළට

by Gayan Abeykoon
October 31, 2024 1:26 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

දමිළ ජන­තාව මහත් හර­ස­රින් සම­රන දීපා­වලී උත්ස­වය වෙනු­වෙන් රාජ්‍ය වැවිලි සමා­ගම් මඟින් සිය සේවක සේවි­කා­වන්ට වාර්ෂි­කව ලබා­දෙන උත්සව අත්ති­කා­රම් දීම­නාව මෙවර රුපි­යල් දස දහ­ස­කින් (10,000) ඉහළ නංවා තිබේ.

මේ අනුව මීට පෙර වර්ෂ­වල රුපි­යල් දස දහ­සක් ලෙස දුන් මෙම දීපා­වලී උත්සව දීම­නාව මෙවර රුපි­යල් 20,000ක් ලෙස ගෙවී­මට නිය­මි­තය.

රාජ්‍ය වැවිලි සමා­ගමේ, ඇල්ක­ඩුව වැවිලි සමා­ගම සහ ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය යටතේ පාල­නය වන වතු සමා­ග­ම්වල සේවය කරන සේවක සේවි­කා­වන්ට මේ උත්සව අත්ති­කා­රම් දීම­නාව ගෙවනු ලබන බව පරි­සර, වන­ජීවී, වන සම්පත්, ජල­ස­ම්පා­දන, වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පව­සයි.

රටේ පව­තින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන විය­දම සහ කම්ක­රු­වන්ගේ මිල දී ගැනීමේ හැකි­යාව පහළ අග­යක පැව­තීම සැල­කි­ල්ලට ගෙන මෙම දීම­නාව මෙවර වැඩි කිරී­මට පිය­වර ගත් බව ද හෙතෙම කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT