දමිළ ජනතාව මහත් හරසරින් සමරන දීපාවලී උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් මඟින් සිය සේවක සේවිකාවන්ට වාර්ෂිකව ලබාදෙන උත්සව අත්තිකාරම් දීමනාව මෙවර රුපියල් දස දහසකින් (10,000) ඉහළ නංවා තිබේ.
මේ අනුව මීට පෙර වර්ෂවල රුපියල් දස දහසක් ලෙස දුන් මෙම දීපාවලී උත්සව දීමනාව මෙවර රුපියල් 20,000ක් ලෙස ගෙවීමට නියමිතය.
රාජ්‍ය වැවිලි සමාගමේ, ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවය කරන සේවක සේවිකාවන්ට මේ උත්සව අත්තිකාරම් දීමනාව ගෙවනු ලබන බව පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම සහ කම්කරුවන්ගේ මිල දී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම දීමනාව මෙවර වැඩි කිරීමට පියවර ගත් බව ද හෙතෙම කියයි.